
(යොහාන් භාසුර)
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය ස්ථාපිත ස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් ගෙවීම නාස්තියක් බවත් ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන ඒමට තීරණය කළ බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (2 ) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පැවැති විශේෂ හමුවේදී වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“තරුණ කටයුතු අමාත්‍යංශය සඳහා මාසිකව ලක්‍ෂ 39 ක් ගෙවීම ඇත්තෙන්ම නාස්තියක්. සල්ලි නාස්ති කරන්න හොඳ නෑ. ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩාංගණයට ගේන්න තීරණය කරලා තියෙනවා”
“සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉඩ තියෙනවා. තරුණ කටයුතු අමාත්‍යංශ එතනට ගෙනාවම ලක්‍ෂ 39 ක් ඉතිරි වෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මෙහිදී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඕනෑම කටයුත්තකට මුදල් ලබාදීමේදී ක්‍රීඩා පාලක සභාව ඇතුළු උපදේශකවරුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිම් ටු ශයින්, අඩුමගානෙ ඉපදෙන්න ඉන්න දරුවා ගැනවත් හිතලා....
බලන්න කොතරම් සුදුසුද? නාමල් තව අවුරුදු 5කින් ජනාධිපති තනතුරට පවා එනවා..
කැළණියේ අපේ ප්‍රසන්න මහත්තයා දුන්නු ආදර්ශය කොහොමද?
එහෙම තමයි මිනිහා හිතාගෙන ඉන්නේ. නිල් බලකාය කරපු කාලෙත් නාමල් හිතාගෙන හිටියේ එයා රටේ ජනාධිපති කියලා. ඊටත් පස්සේ නුවර දළදා මාලිගාව ළඟ රුසියානු ළඳුන් නටවද්දීත් එයා හිතුවේ එයා රටේ නායකයා කියලා. අදත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඔය සිතුවිල්ල නිකම්ම නිකම් හිස් එකක්. තව අවුරුදු 5ක් යනකොට මේ රටේ හිතන්න පුළුවන් උගත්, බුද්ධිමත් තරුණ තරුණියන් රැසක් බිහිවෙනවා. ඒ අයට ටකරම්, අරක්කු ,රුපියල් 500 , රෙදි කෑලි දීලා රවටන්න හම්බවෙන්නේ නැහැ. ඊටත් කලින් මේ රටේ විශාල පෙරලියක් වෙනවා.
පටන් ගැම්ම බොහොම හොඳයි. ඔහොම හොඳට කොණ්ඩෙ කපලා මිනිහෙක් වගේ ඉන්න එක ඊටත් වැඩිය හොඳයි.