
(දිලීප් ජයසේකර)
මත්පැන් කාලේ බෝතලය සහ කුඩා පැකට් තහනම් කරන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මත්පැන් බාගේ බෝතලයද තහනම් කිරීමට පියවර ගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකිදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘මත්පැන් කුඩා පැකට් වහාම තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදීලා තියෙනවා.ඒ තුළින් විශාල පරිසර හානියක් සිදුවෙන නිසා එම තීන්දුව ගත්තේ.
මත්පැන් කාල සඳහා අවශ්‍ය බෝතල් ලබාදීම සම්බන්ධයෙන් ඒ නිෂ්පාදකයෝ සමඟ සාකච්ජා කරලා තීරණයක් ගන්නවා.අපි ඒ අයට යෝජනා දෙකක් ගේනවා.
ඒ අතරින් එකක් තමයි කාලේ බෝතල් අලෙවි කිරීමට කටයුතු කරන්නේ නම් නැවත ඒ සමාගම් විසින්ම එම බෝතල් මුදල් ලබාදීලා ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ කියන එක.එහෙම කරන්න බැරි නම් අපි අනිවාර්යෙන්ම කාලේ බෝතල් තහනම් කරනවා.
මේ වන විටත් මට කට්ටිය බනිනවා කලේ බෝතල් තහනම් කිරීමට ගත්ත යෝජනාව සම්බන්ධයෙන්.බැන්නට කමක් නෑ.මත්පැන් නිෂ්පාදන සමාගම් විසඳුමකට එන්නේ නැතිනම් අනිවාර්යෙන්ම තහනම් කරනවා.
ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට (02) කැබිනම් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන ජනතා හිතවාදී ඇතැම් කොමිසන් සභා ඉතිරිකර අනිත් සියල්ලෙහිම වෙනසක් සිදුවී තමයි 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙන්නේ.
කෙසේ නමුත් පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තමයි රජයේ මීළඟ පළමු කාර්ය බවට පත් වන්නේ‘‘ යැයිද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් පැකැට්ටුත් තියෙනවද ලංකාවේ..?
කාලෙ බෝතල් මෙන්ම කුඩා ප්‍රමාණයේ බියර් ටිං තහනම් කරනවා නම් ඉතාම හොඳයි කියා කියන්නේ සමහරක් තරුණයින් මේවා පානය කර හිස් ටිං පාරවල්වලත් කාණුවලත්, ගෙවතුවලටත් විසිකර යන නිසායි. මේවා නිසා ඩෙංගු වැනි රෝග ඇතිවෙන්න පුළුවන් කියා සිතෙනවා.
ජොනිගෙන් ඇහුවද?
කවදා විතර අවශ්‍ය වෙයිද ඇමැතිතුමෝ? භාගයක් අරගෙනම කල්පනා කළානම් හරි...
ඔය යන විදිහට ලංකාවේ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් වෙයි...
අපේ ඇමැතිතුමාට කිව්වා නම් කාලෙ බෝතලේ මැටියෙන් හදාවි.
"තමන්ගෙ පාවිච්චියට ගෙදරම බාර් එකක් තියාගෙන ඉන්න මිනිස්සු, දුප්පත් මිනිස්සුන්ගෙ අනාගතය ගැන හිතලා කාලෙ, බාගෙ බෝතලේට තට්ටුකරා වගේ" කියලා උපහැරණයක් හැදෙයිද දන්නෑ...
මේ කරන්නේ පරිසර ආදර්ශයට නොවෙයි. කෙළින්ම බෝතලේ විකුණා ගන්න. බුදුන් වහන්සේටවත් කරගන්න බැරිවුණු දෙයක් මේ ගොල්ලෝ කරන්න හදනවා. මත්පැන් බොන්න එපා කියලා අවුරුදු 2600 කියලත් කරන්න බැරිවුණු දේ මේ ගොයියන් මාස කීපයකින් කරන්න හදනවා.
හරියට හරි සර්. ලංකාවේ පරිසරේ රකින්න තියෙන එකම බාධාව බෝතල් තමයි. ඕක නැතිකරා නම් පරිසරේ ඉබේටම රැකෙනවා.