
(*** නාලක සංජීව දහනායක)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (31) පැවැසීය.
එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙම වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් සංශෝධනය 20 වැනි සංශෝධනය බවයි.
ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු සංශෝධනයක් ඉදිරිපත් නොකරන බවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට රජය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනමත විචාරණයකට තුඩුදෙන කරුණුවලට අත නොතබා එහි විකෘති තැන් නිවැරදි කිරීම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ බව ද අමාත්‍යවරයා කීවේය.
කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනකුගෙන් යුතු කැබිනට් අනුකමිටුව එම කරුණු අධ්‍යයන කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව අවසන් කෙටුම්පත සකස් කිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පැවරෙන බවද ඔහු පැවැසීය.
මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිටපු ජනාධිපතිවරයාට නව තනතුරක් ප්‍රදානය කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් තවම පවත්වා නැතැයි ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ තියෙන හදිස්සිය... ඔය හදිස්සිය රට හදන්න තිබුණා නම් අපි මෙලහකටත් ගොඩ..