(*** රංජන් කස්තුරි)

මරණ දඬුවමට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු අසුනක් හෙබවීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති හෙයින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක කටයුතු කළ නොහැකි යැයි නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනය කර ඇති හෙයින් ඔහුගේ මරණ දඬුවම තාවකාලිකව නතර කෙරුණද ඔහු වරදකරුවීම අත්හිටුවීමක් සිදු නොවන බවද නීතිපතිවරයා පෙන්වා දී ඇතැයිද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) වගන්තිය ප්‍රකාරව මරණ දණ්ඩනය හිමි පුද්ගලයකුට ඡන්ද බලය පවා අහිමි වන බවද නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට යැවූ පැහැදිලි කිරීමේ සඳහන් කර ඇති බවද ජයරත්න මෙනවිය කීවාය.

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර ට පාර්ලිමේන්තු අසුනක් හෙබවිය නොහැකි බව නීතිපතිවරයාගේ අදහස වන බවද නිශාරා ජයරත්න මෙනවිය කීවාය.