(නිමල කොඩිතුවක්කු)

මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කොට තිබේ.

ඉරුදින, පෙරමුණ, ලක්බිම, මව්බිම, රැස, සිළුමිණ වැනි පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කළ රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස ද සේවය කළේය.

තරුණ සේවා සභාවේ මාධ්‍ය ඒකකයේද කටයුතු කර ඇති ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසිනෙ ආයතනයේ විශේෂ ව්‍යාපෘති සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙසද කලක් කටයුතු කර ඇත.