
(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප්‍රහාරය වළක්වාගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කදුළු හෙළන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (30) පැවැසූහ.
වගකීම් විරහිතව කටයුතු කළ එවැනි නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා දැමිය යුතු බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
එමෙන්ම පොරොන්දු වූ පරිදි පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ පාර්ශ්වකරුවන් සොයා වහාම දඬුවම් ලබාදීමට කටයුතු කරන්නැයි වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද තේවත්ත ජාතික බැසිලිකාවේ දේවමෙහෙයකට එක්වෙමින් අගරදගුරුතුමෝ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේද කීහ.
“පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා තවමත් අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා. තමන්ගේ වගකිම ඉටුනොකරපු දේශපාලඥයන් සහ නිලධාරීන් කවුද කියලා හොයාගන්න එක තමයි දැනට පැවැත්වෙන වගවිභාග වීම් තුළින් සොයාගෙන යන්නේ.
නමුත් මේ බෝම්බ තියපු අය මේවට සල්ලි දුන්නු අය, මේව පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක තාම හොයලා නැහැ. මේ සිද්ධිය පිටිපස ඉන්න අය හොයාගෙන යනවනම් වඩාත් හොදයි කියලා ජනාධිපති කොමිසමෙන් මම බලාපොරොත්තු වෙනවා.
මේ වැඩපිළිවෙළ පිටිපස්සේ ඉන්න අය කවුද කියලා හොයලා ඒ අයට දඬුවම් කරන්න කටයුතු කරනවා කියලා අපිට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරාවී කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ සිද්ධියට සම්බන්ධ වුණ, මේ වගේ දේවල් කරන්න රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරනය ඉස්ඨ කරයි කියලා ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා.
එහෙම කරන්නේ නැතුව යම් කිසි රජයක් ඒ අය හිමිහිට හංගලා හංගලා එලියට දාන්න කටයුතු කරනවනම් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තිබුණ ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉන්දැද්දීත් ඒ ගැන මුකුත් කළේ නැහැ. තාමත් ඇඟ බේරගන්න හදනවා.
මෙච්චර දැනගෙන ඉදලත් ජනාධිපති කොමිසමට ගිහින් නිලධාරීන් කදුළු වපුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කදුළු. ඒ වෙලාවේ තමන්ට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවල දාන්න ඕන” යැයිද අගරදගුරුතුමෝ එහිදී පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාගේ අදහස් 1000% නිවැරදිය.. දැන් සියලුම වැරදි කර ඇත්තේ පල්ලිවලට යාඥාවට පැමිණි අහිංසක බැතුමතුන්ය ..මෙවන් "බියගුළු නිවටයන්ට" නිල ඇඳුම් සමග උසස් තනතුරු දරමින් වැජබෙන්න සියලු අනුමැතීන් දුන් අය අපගේ මාතෘභූමියේ තාමත් යහතින් ජීවත් වුණත් නුඹලාට නිවිහැනහිල්ලේ නිදාගන්න බැරි බව හොඳාකාරවම "නිවටයින්‘‘ දන්නා බව නොරහසකි. මක්නිසාදයත් එම ප්‍රහාරයෙන් මියගිය සියලුම මනුස්සයින් ඔබලා සැම පිටුපසින් සෙවනැළි මෙන් සෑම අවස්ථාවකම සිටිනා බව කීමට කැමැත්තෙමු..
හිතේ හරි ලොකු පැහැදීමක් තිබුණා මෙතුමා සහ මෙතුමාගේ ක්‍රියාකලාපය ගැන. ඒත් පහු වෙනකොට තමයි ඇත්ත හැටි පේන්න ගත්තේ.. පාස්කු ප්‍රහාරය වෙලාවේ කියපු කරපු දේවල් ආණ්ඩු වෙනස්... පෙරලෙද්දී එහෙම්ම අකුලාගෙන. අනිත් අයට කිඹුල් කඳුළු ගැන කියන අයම කිඹුලන් වගේ වැඩ කරනවා වගෙයි කියලා තමයි හිතන්න තියෙන්නේ...
සතුරාට ප්‍රේම කරන්න.. වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුලත් පෙන්වන්න ඒවානේ ආගමේ තියෙන්නේ. ඒකට දැන් වගකිවයුතු අයට දඬුවම් දෙනු... වගකිවයුතු අය එල්ලනු...
පසුගිය කොමිසන් වාර්තා සහ වර්තමාන කොමිසමේ කරුණු අධ්‍යයනයේදී පෙනී යන්නේ ඉදිරි අවු 5 තුළ අගරදගුරුතුමාගේ බලාපොරොත්තුව හීනයක් පමණක් වනු ඇති බවයි.