
(බිමල් ශ්‍යාමන් ජයසිංහ , කේ.බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා‘ නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කිරීමේ දී පොලිස් වෙඩි පහරින් මියගිය බව නවගමුව පොලිසිය කියයි.
හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් වීමෙන් පසු ඉන්ද්‍රා , විසින් ඇඹුල්ගම ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් පොලිස් බාරයට ගෙන නැවත ජිප් රථයෙන් පොලිසියට පැමිණෙමින් සිටියදී සුදු විල ප්‍රදේශයේදී ඉන්ද්‍රා අත් මාංචු දමා තිබූ දෑත ජීප් රථයේ කොස්තාපල් රියදුරුගේ ගෙලට දමා තද කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ සැකකරු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
පොලිස් ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියාද බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කීය.
මෙම සැකකරු ඉකුත් 27 වැනිදා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 150 ක් සමඟ රණාල ප්‍රදේශයේ දී නවගමුව පොලිසිය විසින් කැලණි ගඟ මැද දී කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් අතර පසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබා ගත් රැඳවුම් නියෝග මත තව දුරටත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමේදී සැකකරු රණාල ප්‍රදේශයේ සඟවා තිබූ ෂොටි ගන් වර්ගයේ ගිනි අවියක් , මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , අත් බෝම්බයක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයා ගෙන සැකකරු නැවත පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුර මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර අද (29) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
මිය ගිය ‘ඉන්ද්‍රා නමැත්තා මිනීමැරුම්, මංකොල්ලකෑම්, ඝාතනයට තැත් කිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ඡායාරූප - (කේ.බුද්ධික කුමාරසිරි)



=======================================================================================



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට 2/3ක බලයක් දුන්නා. කවුරු කවුරුත් පරිස්සම් වෙන්න. කටමැත දොඩවන්න එපා. රට සුද්ද කරන්නම්... රට සුද්ද කරන්න හිට්ලර් නොවේ... ස්ටාර්ලින් ආවත් කමක් නැහැ.
සාමකාමී සමාජයක් වෙනුවෙන් මෙවන් භයානක පිලිලයන් විනාශකර පුළුස්සා දැමීම කළයුතුමයි. එබැවින් සමාජයේ දියුණුව වෙනුවෙන් කැපවී තම රාජකාරිය නිසිලෙස වගකීම් සහිතව ඉටුකරන මෙවන් නිලධාරීන්ට යහපතක්ම වේවා..!!! අප සැමවිටම අසන පැනයක් ඇත. එය අදත් මෙසේ අසන බැවින් ඒ පිළිබඳව නිවැරදි පිළිතුරු දන්නා කෙනෙකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඇයි මෙවන් සමාජ විරෝධීන්ගේ පැහැදිලි ඡායරූප සමාජයේ දනුගැනුම පිණිස පලකිරීමෙන් වළකින්නේ? එහි නීතිමය බාධාවක් තිබේද? අප මෙසේ යෝජනා කරන්නෙමු. කිසියම් හෝ කෙනෙකු සමාජවිරෝධී ක්‍රියාවක් කරේ නම් සියලුම මාධ්‍යයන් එවන්නන්ගේ නම්, ගම්, ලිපිනයන් සහිතව පැහැදිලි ඡායරූප පළකිරීමෙන් එවන් තිරිසනුන්ට මානසික දඬුවමක් ලැබෙනවා නේද? එමගින් මෙවන් නීති විරෝධී ක්‍රියාවන් වලට පෙළඹවීම යම්තාක් දුරට හෝ අඩුවෙනවා නොවේද? මම මේවා කරොත් මගේ පවුලේ කෙනෙකුටවත් පාරේ යන්න බැරිවෙනවා යන සිතුවිල්ල ඕනෑම කෙනෙකුට ඇති වෙනවා නොවේද?
අවි ගත්තෝ අවියෙන්ම නැසේ...
දැන් ඉතිං බල්ලො එහෙම බුරන්නත් පටන්ගනී, හඳ බලාගෙන.
ඔය සොක්කන්ව මැරුවා කියලා පාතාලය ඉවර වෙන්නෑ. ආරක්ෂක ලේකම්වෙලා ඉද්දීත් ඔය සෙල්ලම කළානේ... කෝ පාතාලය ඉවර වුණාද? මේකෙන් වෙන්නේ පොලිසියට මිනිස්සු වෙඩි තියලා මරන්ඩ බය නැති වෙන එක...
අති විශිෂ්ඨයි.
සැකකරුවෙක් පරිස්සම් කරගන්න බැරි පොලිසියක්නේ ඉන්නේ. හැමදා කුමන හෝ හේතුවකින් සැකකරු මැරෙනවා. මේක අපේ රටට හොඳ නැහැ. මානව හිමිකම් ප්‍රශ්න එනවා.
පලායාමට උත්සාහකළ ඉන්ද්‍රාට අපගේ ස්තුතිය... අනෙක් ගෝලයෝත් ඔහුව ආදර්ශයට ගනිත්වා.., අපේ මහජන මුදල් වලින් පින්බත් කන්න හිතාගන්නේ නැතිව...
මේ වගේ පාතාලයින්ට ලැබිය යුතු දඬුවම හරියටම ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම හොඳ වැඩක්..
යුගයක වෙනස...
මෙන්න මේ වගේ චණ්ඩි තමයි ඔය පාතාලේ කියාගෙන රටම බයකරන් ඉන්නේ... තුවක්කු සහ පිරිස් බලය නැතිනම් පොලිස් කාන්තාවකට වුවද මෙල්ල කළ හැකියි. මොවුන්ව ලොකු චරිත කරලා තියෙන්නේ මේ අයගෙන් වැඩගන්න දේශපාලුවන්ය. මෙයාගේ මූණ පෙන්නුවට ලංකාදීපය‘ට ස්තුතියි.