
ඉකුත් ආණ්ඩුව සමයේ (2015-2019) රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කළ සිවු පුද්ගල කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයවල 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථා සහ ඵලදායී නොවූ ක්‍රියා හා ගනුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු 2020 සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර, අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට කටයුතු කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කළ මෙම සිව් පුද්ගල කමිටුවේ ප්‍රථම හමුවේදී එම තීරණය ගෙන තිබේ.
මේ අතර අදාළ බැංකුවල වෘත්තීය සමිති ද අක්‍රමිකතාවලට අදාළ ලිපිගොනු රැසක් කමිටුව හමුවට ඉදිරිපත් කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවසට ඉස්සෙල්ලා ඒවා නම් කියන්න එපා. ඒවා අපට වැඩක් නැහැ.
මොනවද අපේ සල්ලි වියදම් කර කර බොරු කමිටු දාන්නේ..? රට ගැන හිතලා ඔය වැඩේ කරනවා නම් හොයන්නකෝ පහුගිය අවුරුදු 20ක වත් දේවල්... නිකන් දේශපාලකයින්ව සතුටු කරන්න අපේ සල්ලි කන්නේ නැතිව...