
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක ඉස්සන් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන ව්‍යාපාරිකයකු බව කියයි.
ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පසුගිය 25 දින සවස මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් නීති විරෝධිව ඇතුල් වී ඉස්සන් කොටු සැකසීමේ අරමුණීන් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් අක්කර 4කට ආසන්න භුමියක් විනාශ කර ඇති බව කියයි.
මෙම විනාශයට සම්බන්ධ ඩෝසර් යන්ත්‍රය හා එහි ක්‍රියාකරු ආරච්චිකට්ටුව පොලිසිය මගින් ඊයේ (28) සවස අත් අඩංගුවට ගෙන තිබුනී.
ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුගෙන් කල ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සිංහරාජය විනාශ කරමින් පාරක් කපන අය අත්අඩංගුවට ගන්නේ නැද්ද?
මෙවන්නන්ට කෙසේ "ව්‍යාපාරිකයන්" ලෙස ආමන්ත්‍රණය කරන්නේද? ප්‍රදේශයේ "විනාශකාරීන්" ලෙස ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු නොවන්නේද?
දැන් ...වනජීවී එක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම වගකිව යුතු ආයතනවල නිලධාරීන් එකතුවෙලා, ප්‍රදේශයේ පොලිසියේ සහාය ඇතිව, ඩෝසර් කරපු " කාලකන්නින් " යොදවාගෙන පරිසරය තිබූ ලෙසම නැවත සැකසීමට වහාම පියවර ගන්න. එහෙම වුනේ නැතිනම් තව ටික දවසකින් ඔක්සිජන් ආශ්වාස නොකරන පුත්තලමේ බූරුවා ඔය "සකසපු " ඉඩම ඔහොමම හිමින් සැරේ යාළුවාට අයිතිකරගන්න වැඩේ සලසාවි. මේ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ " දේවානි ජයතිලක " මහත්මිය වගේ එඩිතරව තම රාජකාරිය කරන නිලධාරීන් නැතිද...?
ආයේ ගහක්, ගලක් දිහාවත් නොබලන්න ගහන්න ඕනේ...
සාපරාධී ක්‍රියාවක්.. අනිවාර්යයෙන්ම දේශපාලනමය බලයක් යොදාගන්න හිතාගෙන මේ වැඩේ කරන්න ඇති. මේ වගේ අයත් ආණ්ඩු පක්ෂය ඇතුලේ ඉන්නවා ඇති.
ජනාධිපතිතුමනි, ආණ්ඩුව පිහිටුවන්නත් පෙර සිටමයි දේශපාලන හෙන්චයියන් පුරාවස්තු විනාශයත්, පරිසර විනාශයත් පටන් ගත්තේ... මේවා තමයි ඡන්දෙට වියදම් කළාට මන්ත්‍රීලා හෙන්චයියන්ට දෙනපගාව. නමුත් මේ පිටිපස්සේ ඉන්න දේශපාලුවා නිරාවරණය වෙන්නේවත් දඬුවම් ලබන්නේවත්, රෝම කූපයකටවත් හානියක් වෙන්නේත් නෑ. මේ රජය යටතේත් ඒ තක්කඩි දේශපාලන ක්‍රියාදාමය එසේම සිදුවෙනවා. මේ දේශපාලුවන් මට්ටු කරන්න තරම් රටට, පරිසරයට හිතැති නායකයින් පහළ නොවීම රටේත්, ජනතාවගේත් අවාසනාව...
මේවාට ඔක්සිජන් ඕනෑ වෙන එකක් නැද්ද?
ආණවිලුන්දාවට එහෙම වුණාට සිංහරාජයේ පාර කපන එක ඉක්මන් කරලා බස් එකකුත් දාන්නයි අණකරලා තියෙන්නේ.. දැන් සැපද?
මේ අය දන්නේ නෑ නේ වැඩක් කරන විදිහ... කරන්න තිබ්බේ ජනාධිපතිතුමා දැනුවත් කරලා පරිසර හිතකාමී විදිහට ඩෝසර් කරන්නේ කොහොමද කියල එතුමාගෙන් උපදෙස් ඇරගෙන වැඩේ කරන එක.., කෙහෙද මොලේ තෑගි දුන්නට මොළේ පෑදෙන්නේ නෑනේ... දැන් ජනාධිපතිතුමා ගුවනින් ඇවිත් මේක පරිසර හිතකාමී විදිහට කරන්න කියලා විද්වතුන්ට උපදෙස් දේවී, පව් එතුමා නිකම් රස්තියාදු වෙනවා.
මේකට ගෑවුණු හැම කෙනෙකුටම දැඩි දඬුවම් දෙනවා අපේ රජය... අපි මේ වනවිට කුරුණෑගල නගරාධිපතිව ඇරෙස්ට් කළා., කරුණාව ගත්තා. ඒකම නීතියක්නේ...
ව්‍යාපාරික හොරා, ඔක්සිජන් නැතිව හුස්ම ගන්න පුළුවන් කිව්ව කෙනාගේ සහෝදරයා කියලා තමයි ආරංචිය. ඒ නිසා සාධාරණයක් වෙයි කියලා හිතන්න අමාරුයි.
ඩෝසරය සහ එහි ක්‍රියාකරු, ග්‍රීස් ගාපු අය, ඩෝසරයේ කුල්ල පිරිසිදු කළ අය, ඉන්ධන සැපයූ අය, ඩෝසරය ගෙනාපු අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ... ආණ්ඩුවට දොස් කියන්න එපා.