IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

 (පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක ඉස්සන් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන ව්‍යාපාරිකයකු බව කියයි.

ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පසුගිය 25 දින සවස මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් නීති විරෝධිව ඇතුල් වී ඉස්සන් කොටු සැකසීමේ අරමුණීන් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් අක්කර 4කට ආසන්න භුමියක් විනාශ කර ඇති බව කියයි.

මෙම විනාශයට සම්බන්ධ ඩෝසර් යන්ත්‍රය හා එහි ක්‍රියාකරු ආරච්චිකට්ටුව පොලිසිය මගින් ඊයේ (28) සවස අත් අඩංගුවට ගෙන තිබුනී.

ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුගෙන් කල ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (13)

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

Nishantha Saturday, 29 August 2020 10:04 AM

එතකොට සිංහරාජය විනාශ කරමින් පාරක් කපන අය අත්අඩංගුවට ගන්නේ නැද්ද?

:       160       2490

janhitha lankagama Monday, 31 August 2020 03:43 AM

එතන අලුතෙන් කපන පාරක් නැහැ. අපේ ගමට යන පාර සංවර්ධනය කර දෙන්න.. ජනතාවගේ ඉල්ලීම කිසිම ගසක් කපන්නේ නැතිව වැඩිදියුණු කරදෙන ලෙස ඉල්ලන්නේ ජනතාව සහ පරිසර සුන්දරත්වය දකින්න එන සංචාරකයන්.. නමුත් සිංහරාජයේ කොටසක් නිසා ලංකාගම වෙනත් තැනකට ගෙනියන්න පුළුවන් නිශාන්ත මහතාගේ පදිංචි ස්ථානය මේ සඳහා යෝග්‍ය වෙනවා. පිළිතුරක් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා.

:       0       0

Raveendra Saturday, 29 August 2020 10:28 AM

මෙවන්නන්ට කෙසේ "ව්‍යාපාරිකයන්" ලෙස ආමන්ත්‍රණය කරන්නේද? ප්‍රදේශයේ "විනාශකාරීන්" ලෙස ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු නොවන්නේද?

:       0       367

විජිත් Saturday, 29 August 2020 11:18 AM

දැන් ...වනජීවී එක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම වගකිව යුතු ආයතනවල නිලධාරීන් එකතුවෙලා, ප්‍රදේශයේ පොලිසියේ සහාය ඇතිව, ඩෝසර් කරපු " කාලකන්නින් " යොදවාගෙන පරිසරය තිබූ ලෙසම නැවත සැකසීමට වහාම පියවර ගන්න. එහෙම වුනේ නැතිනම් තව ටික දවසකින් ඔක්සිජන් ආශ්වාස නොකරන පුත්තලමේ බූරුවා ඔය "සකසපු " ඉඩම ඔහොමම හිමින් සැරේ යාළුවාට අයිතිකරගන්න වැඩේ සලසාවි. මේ ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ " දේවානි ජයතිලක " මහත්මිය වගේ එඩිතරව තම රාජකාරිය කරන නිලධාරීන් නැතිද...?

:       0       7424

විජේ Saturday, 29 August 2020 12:15 PM

ආයේ ගහක්, ගලක් දිහාවත් නොබලන්න ගහන්න ඕනේ...

:       0       0

janahitha Saturday, 29 August 2020 12:19 PM

සාපරාධී ක්‍රියාවක්.. අනිවාර්යයෙන්ම දේශපාලනමය බලයක් යොදාගන්න හිතාගෙන මේ වැඩේ කරන්න ඇති. මේ වගේ අයත් ආණ්ඩු පක්ෂය ඇතුලේ ඉන්නවා ඇති.

:       0       0

මෝ Saturday, 29 August 2020 03:42 PM

ජනාධිපතිතුමනි, ආණ්ඩුව පිහිටුවන්නත් පෙර සිටමයි දේශපාලන හෙන්චයියන් පුරාවස්තු විනාශයත්, පරිසර විනාශයත් පටන් ගත්තේ... මේවා තමයි ඡන්දෙට වියදම් කළාට මන්ත්‍රීලා හෙන්චයියන්ට දෙනපගාව. නමුත් මේ පිටිපස්සේ ඉන්න දේශපාලුවා නිරාවරණය වෙන්නේවත් දඬුවම් ලබන්නේවත්, රෝම කූපයකටවත් හානියක් වෙන්නේත් නෑ. මේ රජය යටතේත් ඒ තක්කඩි දේශපාලන ක්‍රියාදාමය එසේම සිදුවෙනවා. මේ දේශපාලුවන් මට්ටු කරන්න තරම් රටට, පරිසරයට හිතැති නායකයින් පහළ නොවීම රටේත්, ජනතාවගේත් අවාසනාව...

:       0       0

Dhamma shetty Unuwathurabubula MAHAOYA Saturday, 29 August 2020 03:47 PM

මේවාට ඔක්සිජන් ඕනෑ වෙන එකක් නැද්ද?

:       0       0

siri Saturday, 29 August 2020 05:09 PM

ආණවිලුන්දාවට එහෙම වුණාට සිංහරාජයේ පාර කපන එක ඉක්මන් කරලා බස් එකකුත් දාන්නයි අණකරලා තියෙන්නේ.. දැන් සැපද?

:       0       0

walter white Sunday, 30 August 2020 12:47 AM

මේ අය දන්නේ නෑ නේ වැඩක් කරන විදිහ... කරන්න තිබ්බේ ජනාධිපතිතුමා දැනුවත් කරලා පරිසර හිතකාමී විදිහට ඩෝසර් කරන්නේ කොහොමද කියල එතුමාගෙන් උපදෙස් ඇරගෙන වැඩේ කරන එක.., කෙහෙද මොලේ තෑගි දුන්නට මොළේ පෑදෙන්නේ නෑනේ... දැන් ජනාධිපතිතුමා ගුවනින් ඇවිත් මේක පරිසර හිතකාමී විදිහට කරන්න කියලා විද්වතුන්ට උපදෙස් දේවී, පව් එතුමා නිකම් රස්තියාදු වෙනවා.

:       0       0

pradeepa Sunday, 30 August 2020 10:56 AM

මේකට ගෑවුණු හැම කෙනෙකුටම දැඩි දඬුවම් දෙනවා අපේ රජය... අපි මේ වනවිට කුරුණෑගල නගරාධිපතිව ඇරෙස්ට් කළා., කරුණාව ගත්තා. ඒකම නීතියක්නේ...

:       0       0

manavi Sunday, 30 August 2020 01:56 PM

ව්‍යාපාරික හොරා, ඔක්සිජන් නැතිව හුස්ම ගන්න පුළුවන් කිව්ව කෙනාගේ සහෝදරයා කියලා තමයි ආරංචිය. ඒ නිසා සාධාරණයක් වෙයි කියලා හිතන්න අමාරුයි.

:       0       0

janahitha Monday, 31 August 2020 03:49 AM

ඩෝසරය සහ එහි ක්‍රියාකරු, ග්‍රීස් ගාපු අය, ඩෝසරයේ කුල්ල පිරිසිදු කළ අය, ඉන්ධන සැපයූ අය, ඩෝසරය ගෙනාපු අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ... ආණ්ඩුවට දොස් කියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site