
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම අමුණ පාර ප්‍රදේශයේ කුඩා වන ලැහැබක සඟවා තිබියදී විද්‍යුත් මුදල් ගනුදෙනු මත අලෙවි කිරීමට සූදානම් කර තිබූ ලක්ෂ 75 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් දඹුල්ල පොලිස් නිලධාරින් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.
දඹුල්ල පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
මෙම හෙරොයින් ඉතා සූක්ෂම ආකාරයෙන් වැස්සෙන් හෝ කිසිම හානියක් නොවන ආකාරයෙකින් ඇසුරුම් කර තිබිණි.
විද්‍යුත් මුදල් ගනුදෙනු මත ඉතා සූක්ෂමව බෙදාහැරීමට සූදානම් කර තිබූ බවත් මෙයට සම්බන්ධ පුද්ගලයන් සොයා ඉක්මණින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd