
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතූන් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු වසර ගණනාවක් තිස්සේ බඩවැල්වල (අන්ත්‍රවල) රෝගී තත්ත්වයකින් පීඩා විඳි අතර මෑතකදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී තිබිණ.
අබේ මහතා 2012 වසරේදී බලයට පත්වූ අතර ජපානයේ දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවය කළ අගමැතිවරයා වේ.
ඔහු 2021 වසරේ සැප්තැම්බර් දක්වා සේවය කිරීමට නියමිතව තිබිණි. ඒ මහතා මේ වනවිට 65 හැවිරිදි වියේ පසුවෙයි.
2007 වසරේදී ද අගමැති ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වූයේ කුඩා කළ සිට පීඩා විඳි මෙම රෝගී තත්ත්වය හේතුවෙනි.
දැනට හදිසි මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් වැඩ බලන අගමැතිවරයෙකු යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශවත් නායකයෙක්... විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශපාලකයින්ගෙන්...
ජපන් රටේ සෑම වැදගත් අවස්ථාවක්ම පැහැර නොහැර සහභාගි වනවා දුටුවාම ඔබතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහේවී යයි මටත් සිතුණා. ජපානය හා ලෝකයට අත්‍යාවශ්‍ය අවස්ථාවක ඔබ සේවයෙන් ඉවත් වීම කණගාටුවට කරුණකි. ඔබට ඉක්මන් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.
ඒකට අපේ එවුන් බඩවැල අතේ තියාගෙන හරි පුටුවේ ඉඳියි.
මම හිතුවේ අපේ පාර්ලිමේන්තුව වගේ 80පැනලා කියායි.
ලැබුණු අවස්ථාවෙන් හත්මුතු පරම්පරාවටම හොයාගෙන සත්ගුණවත් දේශපාලුවෙකු ලෙස රඟපාන්නකෝ ඔය විකාර තීරණය අස්කරගෙන...? උපදෙස් ඕන නම් අපේ පට්ටියේ 225 න් ඕනෑම කෙනෙක්ගෙන් කතාකරලා උපදෙස් ගන්නකෝ..? ප්‍රතිඵල 200%ක් අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.
ජපානය දියුණු වෙන්නත් ලංකාව හැමදාම මේ තත්ත්වයේ තියෙන්නත් හේතු වලින් එකක් ඕක....
මෙහෙ නම් අස්වෙන්න යනවා කිව්වට මළාට අස්වෙන්නේ නැහැ. බලමු ජපන් රටේ කොහොම වෙයිද කියලා? මෙහෙ වගේ සමහරවිට අලුතින් එන කෙනාව තෝරලා දීලා අයින්වෙන්න ඉන්නත් බැරි නැහැ.