IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජපන් අගමැති ඉල්ලා අස්වෙන්න යයි

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතූන් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහු වසර ගණනාවක් තිස්සේ බඩවැල්වල (අන්ත්‍රවල) රෝගී තත්ත්වයකින් පීඩා විඳි අතර මෑතකදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී තිබිණ.

අබේ මහතා 2012 වසරේදී බලයට පත්වූ අතර ජපානයේ දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවය කළ අගමැතිවරයා වේ.

ඔහු 2021 වසරේ සැප්තැම්බර්  දක්වා සේවය කිරීමට නියමිතව තිබිණි. ඒ මහතා මේ වනවිට 65 හැවිරිදි වියේ පසුවෙයි.

2007 වසරේදී ද අගමැති ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වූයේ කුඩා කළ සිට පීඩා විඳි මෙම රෝගී තත්ත්වය හේතුවෙනි.
දැනට හදිසි මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් වැඩ බලන අගමැතිවරයෙකු යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (7)

ජපන් අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Hemantha Friday, 28 August 2020 09:21 AM

ආදර්ශවත් නායකයෙක්... විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශපාලකයින්ගෙන්...

:       0       24

anura Friday, 28 August 2020 10:06 AM

ජපන් රටේ සෑම වැදගත් අවස්ථාවක්ම පැහැර නොහැර සහභාගි වනවා දුටුවාම ඔබතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහේවී යයි මටත් සිතුණා. ජපානය හා ලෝකයට අත්‍යාවශ්‍ය අවස්ථාවක ඔබ සේවයෙන් ඉවත් වීම කණගාටුවට කරුණකි. ඔබට ඉක්මන් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.

:       0       22

සෑම් Friday, 28 August 2020 10:42 AM

ඒකට අපේ එවුන් බඩවැල අතේ තියාගෙන හරි පුටුවේ ඉඳියි.

:       0       109

Hafeel Friday, 28 August 2020 11:03 AM

මම හිතුවේ අපේ පාර්ලිමේන්තුව වගේ 80පැනලා කියායි.

:       20       24

Raveendra Friday, 28 August 2020 11:41 AM

ලැබුණු අවස්ථාවෙන් හත්මුතු පරම්පරාවටම හොයාගෙන සත්ගුණවත් දේශපාලුවෙකු ලෙස රඟපාන්නකෝ ඔය විකාර තීරණය අස්කරගෙන...? උපදෙස් ඕන නම් අපේ පට්ටියේ 225 න් ඕනෑම කෙනෙක්ගෙන් කතාකරලා උපදෙස් ගන්නකෝ..? ප්‍රතිඵල 200%ක් අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.

:       1       104

සිරිබිරි Friday, 28 August 2020 02:22 PM

ජපානය දියුණු වෙන්නත් ලංකාව හැමදාම මේ තත්ත්වයේ තියෙන්නත් හේතු වලින් එකක් ඕක....

:       0       84

chandima Saturday, 29 August 2020 01:12 AM

මෙහෙ නම් අස්වෙන්න යනවා කිව්වට මළාට අස්වෙන්නේ නැහැ. බලමු ජපන් රටේ කොහොම වෙයිද කියලා? මෙහෙ වගේ සමහරවිට අලුතින් එන කෙනාව තෝරලා දීලා අයින්වෙන්න ඉන්නත් බැරි නැහැ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site