
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩයනා උදයංගනී)
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී අද(28) පස් නිවුන් දරු උපතක් සිදු වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවාය.
එම සියලුම දරුවන් ගැහැණු දරුවන් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ගම්පහ පැපිලියාවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවකගේ ප්‍රථම දරු ප්‍රසුතිය මෙය බවත් එම දරුවන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය කීවාය.
උපත ලද දරුවන්ගේ අඩුම බර තිබෙන්නේ එක ළදරුවෙකුට පමණ බවත් ඇය කිලෝ එකක් පමණ බවත් වෛද්‍යවරිය සඳහන් කළාය. අනෙකුත් දැරියන් කිලෝ ග්‍රෑම් 1.4 හා කිලෝ ග්‍රෑම් 1.08 අතර ප්‍රමාණයේ බරින් යුතු වේ.
මෙය ශ්‍රී ලංකාවේ සිව්වන පස් නිවුන් දරු උපත ය.
ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය පබෝධන රණවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම දරු ප්‍රසූතිය සිදුවී තිබූ බවත්, මේ වන විට එම දරුවන් ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂක සාගරී කිරිවන්දෙණිය මහත්මියගේ උපදෙස් මත වෛද්‍ය නලින් ගමඇතිගේ මහතාගේ අධීක්ෂණ යටතේ ළදරු දැඩි සත්කාර ඒකකය තුළ රඳවා සිටින බවත් වෛද්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂකතුමිය අඩුබර නවජන්ම දරුවන් රැකබලා ගැනීමට උපදෙස් දෙන්නේ කෙසේද නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමියනි ?
සඳුන් මහතාණෙනි, ඔබගේ මුඛය, නාසය, ඇතුළු අනිකුත් අවයව නිසිතැන පිහිටා ඇද්දැයි නැවත පරීක්ෂා කර බලන්න. අනිත් කරුණ නම් මෙවැනි පුහු අදහස් පල නොකර සිටීමට කටයුතු කිරීමයි.