
(එම් .සුසිල් ප්‍රියන්ත)
සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘කලුපේ රොෂාන්‘ නැමැත්තාගේ නැගණිය හා නැන්දණිය මත්කුඩු ග්‍රැම් 6 ක් සහ රුපියල් 46,0000 ක මුදල් සමඟ අද (28) හික්කඩුව තොටගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මීටියාගොඩ පොලිසිය කියයි.
බන්ධනාගාරයේ සිට ‘කලූපේ රොෂාන්‘ නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවද පොලිසිය සඳහන් කළේය.
මීටියාගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා හෙට (29) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මීටියාගොඩ පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd