
(නිමල කොඩිතුවක්කු)
තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම්දෙයි.
ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ -ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි යන ගමනාන්ත සඳහා මෙලෙස අඛණ්ඩව ගුවන්ගමන් ක්‍රියාත්මක කරන බව සමාගම සඳහන් කරයි.
මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ පිහිටි කාර්යාල මගින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවද ගුවන් සමාගම සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකන් වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බවද ශ්‍රී ලංකන් ගුවන්සේවය නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මද පෙරදිග අයත් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් එකට හෙන ගහනවද?
පසුගිය කාලෙදී ලාභ නැතැයි කියමින් පැරිස් දක්වා පියාසර කරපු ශ්‍රී ලංකන් ගුවන්යානාම කිහිප විටක්ම ගමේ ගිහින් තිබෙන නමුත් එම සේවය අත්හිටවුණාට පසුව මගේ මවිබිමට ගියේ නැත. නැවත ලෝකයේ සුන්දරම නගරයක් වන පැරිස් නුවරට ශ්‍රී ලංකන් යානා එන බව මට යළිත් වරක් ගෙදර ගිහින් එන්න පුළුවන් වීම ගැන ඉතාම සතුටු වෙමි.
මොනවා නැතත්, ලාංකිකයින්ව රටෙන් පිටමන් කරවලා හරි ලංකාවට විදේශ විනිමය ගේනවා නම් ඒ හොඳටම ඇති... බැරි වෙලාවත් මේ වගේ හිඟන රටවල් වල තියන කොරෝනා නීති, ඒ වගේ සංවර්ධිත රටවලත් දැම්මා නම්, මේ හිඟන්නන්ට බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ... මේ ලෝකේ බදාගෙන සදාකාලිකවම ජීවත් වෙන්න පෙරුම්පුරන අපි විතරක් ඉතුරු වෙලා පිටරටවල සුද්දෝ ටික කොරෝනා හැදිලා මැරුණත් අපට ඉතින් මොකද නේද? හැබැයි රට ගිහිල්ලා බඩකට පිරෙද්දී නම් දේශප්‍රේමේ ඔලුවට ගහලා කල්ලි කණ්ඩායම් හදාගෙන ලංකාවේ දේශපාලකයින්ට ආවඩනවා. ලොකුකම පෙන්වන්න ආධාරත් කරනවා. ඊට පස්සේ අතේ තියන තුට්ටු දෙක නිකරුනේ වියදම් කරගෙන දෙතුන් ගුණයක් ගෙවලා වැඩි ගාණට දේශීය ගුවන් යානයෙන් නැවත පිටරටටම යනවා. අනේ මෙහෙමත් සුන්දර ජීවිත නේද?
මෙල්බර්න් අපි පව්, අනේ අපිවත් අරන් යන්ඩෝ...!!!