
(ජයන්ත සමරකෝන්)
මගීන් පටවාගෙන ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් කරා යන පෞද්ගලික බස් රථ සේවකයන්ට දඬුවම් ලබාදීමටත්, ගමන් බලපත්‍රය අත්හිටුවීමටත් පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඉන්ධන පුරවාගැනීමට මගීන්ද නංවාගෙන යෑම ඉතා අනතුරුදායක සහ ආරක්ෂිත තත්වයක් බව එහි සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට පැවැසීය.
දෛනිකව බස් රථවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් කල්වේලා ඇතිව ලබාගැනීම එම සේවකයන්ගේ වගකීම බැවින්, බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මගීන් ද සමඟ ඉන්ධනහල් වෙත යාම බරපතල වරදක් බවද ඒ මහතා කීය.
එලෙසින් කටුයුතු කරන බස් රථ සේවකයන් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැඩි අවධානය යොමුකරන බවද , එවැනි කටයුතුවල යෙදෙන බස් රථ සේවකයන්ට නිසි දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්... අපි සල්ලි ගෙවලා බලන් ඉන්න ඕනේ මෙයාලා තෙල්ගහන කම්..
මෙවැනි අපමණ නීති තිබුණාට ඒවායින් කීයද ක්‍රියාත්මක වෙන්නේ..? මුල් දින හෝ සති 1-2 න් පසු නැවත පෙර ආකාරයට පත්වීම සාමාන්‍ය දෙයක්..
අපූරුයි...
ඔය අධිකාරිය කාලෙන් කාලෙට ඕවගේ කතා කියනවා. ක්‍රියාත්මක වෙනවා නං අපි දැකලා නෑ.
විශිෂ්ඨ තීරණයක් ! නමුත් කලින් පැනවූ සමහර නීති දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මම දිනපතා ගමන් කරන මත්තේගොඩ 138 කන්පැලෙන්න ශබ්දවාහිනී දැමීම සාමාන්‍ය පුරුද්දක්. මගීන් පැය 2ක් විතර එම නරකාදියේ ජීවත් වෙන්න සිදුවෙලා තියෙනවා.