
(ජයන්ත සමරකෝන්)
පල්ලන්සේන බන්ධනාගාරයට කඩුවෙල අධිකරණයේ සිට රැගෙන ආ සැකකරුවෙකුගේ ශරීරයේ සඟවා තිබූ හොරොයින් ග්‍රෑම් 9 ක් සොයා ගැනීමට හැකිවූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට අද (26) පැවසීය.
මත්කුඩු චෝදනාවක් මත රැගෙන ආ 25 හැවිරිදි මෙම සැකකාර තරුණයා රැගෙන ආ ප්‍රථම අවස්ථාවේදීම කරන ලද පරීක්ෂාවේදී ඔහුගේ කලිසමේ වාටියේ තිබී හෙරොයින් සුළු ප්‍රමාණයක් සොයාගත් බවද එම ප්‍රකාශකයා කීය.
සැකකරු නිරෝධායන වාට්ටුවේ රඳවා තැබීම සඳහා ගෙන ආ අවස්ථාවේදී මෙම පරීක්ෂාව සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මීගමුව පොලිසියට බාර දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd