( තිළිණි ද සිල්වා )

ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදංචි රන්දික දසනායක නැමැති පුද්ගලයෙකි.මොහු කලක පටන් ඉතාලියේ නාපෝලි නගරයේ සේවය කරමින් සිටි අයෙකු බව තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුද්ගලයා ඊයේ (25)  සිය යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදී පාරේ ගමන් ගත් වෙනත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළද රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවද එම ආරංචි මාර්ග කියා සිටී.