
ශ්‍රී ලංකාව ‘‘මධ්‍යස්ථ’’ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නමුත් උපායමාර්ගික සහ ආරක්ෂක කරුණුවලදී ‘‘ඉන්දියාවට මුල්තැන’’ දී කටයුතු කරන බවත් විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
‘‘උපායාමාර්ගික සහ ආරක්ෂාව සම්බන්ධ කරුණුවලදී අපි ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. අපට උපායමාර්ගික ආරක්ෂාව පැත්තෙන් ඉන්දියාවට තර්ජනයක් වෙන්න බැහැ. එසේ වීමට අවශ්‍යත් නැහැ. අපි ඉන්දියාවේ ප්‍රතිලාභ ලැබිය යුතුයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඉන්දියාවට. ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ආර්ථික සෞභාග්‍ය සම්බන්ධයෙන් ගත්විට අපට අනෙක් පාර්ශව සමඟ ගනුදෙනු කරන්න වෙනවා’’ යැයි අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.
රූපවාහිනි නාලිකාවකට අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරවාරයේදීම ශ්‍රී ලංකාව ඉන්දියාවේ උපායමාර්ගික අභිලාෂ ආරක්ෂා කරන බව ද ඔහු කීවේය.
හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දක් යටතේ චීනයට ලබාදීම ‘‘වරදක්’’ යැයි ද විදේශ ලේකම්වරයා කීය.
‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප චීන ජාතිකයන් වුණත් ඉතා හොඳින් සිංහල ලිවීමට, කියවීමට හැකි බවත්, මේවා දිහා අප අවධානයෙන් බලා සිටින බවත් කොළඹගේ මහතාට නැවතත් මතක්කර දෙන්න කැමතියි...
ඇමෙරිකාවට ඕනේ විදියට නටන්න ආපු කෙනෙක්, යවලා දාන්න.
මෙය නිවැරැදියි. අපි ඉන්දියාව සමග කිට්ටුවෙන් කටයුතු කරන්න ඕනේ ආරක්ෂාව සම්බන්ධ තීරණවලදී... ඒ වගේම ඉන්දියාවේ වගකීම තමයි ලංකාවට අනවශ්‍ය පීඩනයක් නොදී සහයෝගයෙන් කටයුතු කිරීම. මෙතුවක් කලක් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ අසල්වැසි කිසිම රටකට යහපතක් වෙලා නැහැ. ඉන්දියාව ඔවුන්ගේ හමුදාව ලංකාවට එවලා තියෙනවා. ත්‍රස්තයන් පුහුණුකරලා ලංකාවට එවලා තියෙනවා. පාකිස්තානයට, බංග්ලාදේශයට, චීනයට, මාලදිවයිනට මේ හැම රටක් එක්කම යුදවැදිලා නැතිනම් හමුදාව යවලා තියෙනවා. දැන්වත් ඔවුන් තේරුම් ගන්න ඕනේ අසල්වාසී මිත්‍ර රටවල් සමග සමතැන තියලා වැඩ කරන්න. අපිට ඉන්දියාව වැදගත් වගේම ඉන්දියාවටත් ලංකාවේ හොඳ හිත වැදගත්...
ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ බලපෑම්වලට යටවෙලා, බයවෙලා වගේ...
විකාර කියවනවා. දැන් මාස 5ක් වෙනවා. ගුවන් තොටුපල වහලා තවම බැරිවුණා... මැදපෙරදිග අතරමංවෙලා ඉන්න අපේ ශ්‍රමිකයෝ ටික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරලා ලංකාවට ගෙන්වා ගන්න.
උපාය මාර්ගික ආරක්ෂවට කෙසේ වෙතත් දැන් ලංකාවට හැම එකටම ඉන්දියාව ඕනේ. තනිකරම වහල් භාවයක්. ගුවන් තොටුපොළ හදන්න ඉන්දියන් ආධාර ඕනේ. වරාය හදන්න ඉන්දියන් ආධාර ඕනේ. තෙල් ටැංකියට ඉන්දියන් ආධාර ඕනේ. පාර හදන්න ඉන්දියන් ආධාර ඕනේ. ගෙවල් හදන්න ඉන්දියන් ආධාර ඕනේ. විශ්ව විද්‍යාල වල ඔඩිටෝරියම් හදන්න ඉන්දියන් ආධාර ඕනේ. දැන් අලුත්ම එක මම දැක්ක අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවටත් ඉන්දියන් ආධාර ඕනෙලු. දැනට අවුරුදු 30 කට 40 කට ඉස්සෙල්ල මේවා අපිමනේ කර ගත්තේ. ආර් ප්‍රේමදාස ගෙවල් දශ ලක්ෂයක් හදන්න පටන් ගත්තේ ඉන්දියන් ආධාර වලින්ද? මෙච්චර කල් වෘත්තීය පුහුණු දුන්නේ ඉන්දියන් ආධාර වලින්ද? ඇත්තටම අපිට තනිවම කිසි දෙයක් කරගන්න බැරිද?
ඕක කියන්නත් දෙයක්ද.?
පාස්කු බෝම්බේ ගහන බවත් මුලින්ම කිව්වේ අපි. ඉතිං ඔහේලාට අපි නැතිව ගමනක් යන්න බෑ. අපේ අගමැති මෝඩි ඔහේලගේ උත්තරීතරම පාර්ලිමේන්තුවේ කතා කළා. කෝ මහලොකු නිදහස් නිවහල් බව? කොටින්ම අපේ ගීතයක තනුවක් නැතිව ගීතයක් වත් නිර්මාණය කරගන්න ඔහේලාට දැන් බෑ..
ඒ කියන්නේ චණ්ඩියා 2ට නැමෙනවා.