
(දසුන් රාජපක්ෂ)
පැමිණිලි හතරක් යටතේ සිය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අද(24) නියෝග කළේය.
උදයංග වීරතුංග මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පැමිණිලි 4ක් එක් ගොනුවක් යටතේ අද(24) ඒ මහතා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර තිබූ අතර, ඒ කෙරේ අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා එලෙස නියෝග කළේය.
මෙම ජනාධිපති කොමිසම වෙත එක් ගොනුවක් යටතේ පැමිණිලි හතර ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
එම ගොනුවට අනුව, සිය ගිණුම් අක්‍රීය කිරීම, අසත්‍ය චෝදනා මත සැකකරුවකු කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම, තමන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරීම සහ උදර්පන නීතිය යටතේ තමාව සෞදි අරාබි එමීර් රාජ්‍ය යෙන් පිටුවහල් කර ලංකාවට රැගෙන ඒම යන චෝදනා හතර එක් චෝදනාවක් ලෙස උදයංග වීරතුංග මහතා ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණි.
තමාගෙන් දේශපාලනිකව පලිගැනීම සඳහා මෙම චෝදනා යහපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව ගොනු කර ඇති බව එම ගොනුව හරහා උදයංග වීරතුංග මහතා ජනාධිපති කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ කෙරෙහි අවධානය යොමු කළ මෙම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා එම ගොනුව පැමිණිලි 4ක් යටතේ ලබන සැප්තැම්බර් 4 වැනි දින ඉදිරිපත් කරන ලෙස උදයංග වීරතුංග මහතාට නියම කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හිතාමතා කිසිඳු වරදක් කර නොමැත. කෝටි ගණන් රටේ සල්ලි හොරකම් කළේ අත්වැරදීමකිනි. ඒ නිසාම ඉදිරියේදී නිදොස්කොට නිදහස්වීමට නියමිතව ඇත. සියලු හුදී ජනයාගේ දැනගැනීම පිණිස මෙය ලියා දන්වමි.
එකම රටක්, එකම නීතියක්.. මෙයා හෙට අනිද්දා වෙනකොට ආරක්ෂක ලේකම් වුණත් අපි පුදුම වෙන්නේ නැහැ.
ඔන්න එලියට බහිනවා,
අනේ දෙවියනේ දැන් බලනකොට වරද කාරයෝ පැමිණිලි කරු වෙලා, පැමිණිලි කාරයෝ වරදකරු වෙලා. කොහොමද වෙනස.?
වංචාවට, දූෂණයට ඉඩ නැහැ.. මෙයා පැමිණිලි කරන්න අැවිත් තියෙන්නේ ජනාධිපතිට එයාගෙ ඥාති සොහොයුරාට විරුද්ධව මොකද සල්ලි ගත්තෙ එයානේ...? මෙහෙම රටක් කොහෙන්ද නතර වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ..
අනේ ඔව් අප්පා.. මෙයා හොරකම් කළේත් නැහැ.. මිනී මැරුවේත් නැහැ.. බලවතුන්ගේ නඩයකුත් නොවේ. මේ මොන අපරාධයක්ද? මේ වගේ අහිංසකයෙකුට තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්න නොදෙන මේ මහා නරක මිනිස්සු... බලන්නකෝ.. මොනතරම් අහිංසක මූණක්ද?