
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය මගී ප්‍රවාහන සේවය දෛනිකව ඉපැයූ රුපියල් මිලියන 18ක ආදායම මිලියන 5 දක්වා අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය මුහුණදෙන ගැටලු පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසීමේදී ඒ මහතා එසේ පැවසීය.
සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය වෙත එන මගීන්ගේ අඩුවක් නොමැති බව සඳහන් කළ ඒ මහතා දුම්රිය දුර ගමන් සේවාවල මගීන්ගේ ගමනාගමනය විශාල අඩුවක් දකින්නට ලැබෙන බව පැවසීය.
වැඩිම ආදායමක් ඉපයු බදුල්ල රාත්‍රි දුම්රිය, නුවර, කන්කසන්තුරේ, පොළොන්නරුව, බෙලිඅත්ත, යාපනේ යන දුම්රිය දුරගමන් සේවා මගීන්ගේ ගමනාගමනය විශාල වශයෙන් අඩුවී ඇති බවද ඇතැම් දුරගමන් සේවාවන්හි සතියේ දිනයන්හිදී මගින් 70කට පමණ සීමා වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මගීන් 60ක්-70ක් ගමන් ගත්තද දුර ගමන් සේවා දිගටම පවත්වාගෙන යෑමට සිදුව ඇති බව සඳහන් කරන ඒ මහතා මගීන් නැවත දුම්රිය පොදු ප්‍රවාහනය වෙත යොමුකිරීම සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය මැදිරි ජීවානුහරණ වැඩසටහන් දිගින් දිගටම සිදුකරන බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.අත් සේදීමට පහසුකම් සලසා ඇතත් ඇතැම් මගීන් අත් සෝදන්නේ නැති බවද ශරීර උෂ්ණත්ව පරීක්ෂාව වැනි කටයුතු පවා සිදු කරන බව ද පැවසීය.
උඩරට මැණිකේ, පොඩි මැණිකේ, දෙනුවර මැණිකේ, ශ්‍රි දේවී පුලතිසි සීඝ්‍රගාමී, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය යන දුම්රිය විශාල ප්‍රමාණයක මගීන්ගේ ගමනාගමනය අඩුවීම ගැටලුසහගත තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉදිරියේ දී මගීන් පොදු ගමන් සේවාවක් ලෙස දුම්රිය වැඩි වශයෙන් තෝරා ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙම ආදායම් බිඳ වැටීම ඉදිරියේදී යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි ගණන් කතාකරලා වැඩක් නැහැ. එන්ජිමකට නිකන්වත් වතුර ටිකක් අල්ලලා හෝදන්නේ නැහැ. ඒකත් කරන්නේ අවුරුද්දකට එකපාරයිද කොහේද? දුම්රිය ස්ථානයේ බලන බලන තැන සේවකයෝ.. ගොඩක් ඒවායේ වැසිකිළියකට යන්න බැහැ. ඔක්කොටම හපන් ටිකට් දෙන කෙනා. අපි ණයට යන්න ඉල්ලනවා වගේ ගොඩක් ස්ටේෂන් මාස්ටර්ලා ටිකට් දෙන්නේ..
හිනෙන්ද..... කියවන්නේ. අපි දිනපතා කෝචිචියෙන් යන්නේ. අපේ නමි කවුරුවත් උණ බලන්නේ නැහැ. කොටුවෙි දුමිරිය ස්ථානයේත් උණ බැලිමක් නැහැ. මුකවාඩමි නොදා සින්දු කියන හිගාකන කිදෙනෙත් දුමිරියේ යනවද? සාමාන්‍යාධිකාරී දන්න කෙංගෙඩියක් නැහැ. මිනිස්සුන්ට දුමිරියේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදව විශ්වාසයක් නැහැ.
දුම්රිය නියමිත වේලාවට ධාවනය කරවන්න එවිට මගීන් වැඩිවනු ඇත. මගීන් කාලය කා දැමීමට අකමැති හෙයින් විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගනු ඇත.
සාමාන්‍යාධිකාරී තුමා ඔෆිස් රූම් එකට වෙලා අමුතු තාලේ හීන දැකදැක සුරංගනා ලෝකවල අතරමං වී හිඳීමෙන් ඇතිවෙන සෙතක් නැහැ. කරුණාකර ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාටත් නොදන්වා මාතර සිට පැමිණෙන රුහුණු කුමාරි දුම්රියේ ගමන් කොට බලන්න. පෙට්ටිවල තිබෙන දූවිලි වැදී කෑලි කැඩී ඇති ආසන දිහා බලන්න. පසුගිය දිනෙක එම අපිරිසිදු ආසනයක වාඩි වී පැමිණි මාගේ කලිසමක තෙල් ගෑවී කලිසම වීසිකළා. මෙවන් තත්වයක තමයි දුම්රිය වැටී තියෙන්නේ... ඉතින් මිනිස්සු කැමැත්තකින් යාවිද? ඔය ටික යන්නෙත් නොගිහිං බැරි නිසා. හැටහුටහමාරක් විතර සේවකයින් ඉන්නවා. ඒ වුණත් ඔවුන්ගේ නිසි කළමනාකරණයක් ඇත්තේ නැහැ. මේ නිසා දෙපාර්තමේන්තුවේ ඵලදායිතාව අඩුවෙන බව සාමාන්‍යාධිකාරිතුමා දන්නේ නැතිවුණාට බොහෝ දුම්රිය මගින් එය වටහාගෙන තිබෙනවා. මේ විදිහට දුම්රිය සේවය පිරිහෙන කොට ආදායම අඩු නොවී තිබුණොත් තමයි පුදුමේ..