
කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (24) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙක් , සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික වෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් රෝගීන් 2,811 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට කොවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගියපු අය නිසා දැන් ලංකාව හොඳටම බැට කාල තියෙන්නේ. දැන්වත් මේ අය ගෙන්නන එක නවත්තන්න බැරිද? රටට සල්ලි අවශ්‍යනම් අපි ඒව දේශීයව මුද්‍රණය කරගමු.