
(ටෝනි කරුණානායක)
නීත්‍යානුකූල වරායක් හෝ තොටුපොළක් නොවන ස්ථානයකින් බහුදින යාත්‍රාවක් මගින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් තිදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 50,000ක් බැගින් රුපියල් 150,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ සමරදිවාකර මහතා අද (25) නියම කළේය.
විත්තිකරුවන් තිදෙනා 2012 වර්ෂයේ දී ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් සහ හම්බන්තොට මුහුදු තීරයෙන් බහුදින යාත්‍රාවක් මගින් ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. ඕස්ට්‍රේලියානු බලධාරීන් එම විත්තිකරුවන් තිදෙනා ශ්‍රී ලංකාවට ආපසු හරවා එවීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.
විත්තිකරුවන් තිදෙනාට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුදිත අංශය මගින් අද (25) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබිය.
විත්තිකරුවන් චෝදනාවට වරද පිළිගත් හෙයින් මෙසේ දඩ නියම කෙරුණි. අචිචුවේලි, කොඩිකාමමි සහ කල්ලතෝට්ටම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සිංහතුරෙයි සුචීකරන්, සෙල්වරත්නම් නිදර්ශන් සහ මෝහනදාස් සතිරාජ් යන විත්තිකරුවන් තිදෙනකුට මෙසේ දඩ නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳලා හිඟාකන්ටද?