
(*** ඉන්දිකා රාමනායක)
කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි.
පමුණුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් හා සුඛෝපභෝගී තවත් රථයක් ද තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු පදිංචි නිවස ද සුඛෝපභෝගී දෙමහල් නිවසක් බවත් එම නිවසේ ඉහළ මහල ද මසකට රුපියල් 30,000 ක මුදලකට කුලියට දී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
සැකකරු පල්ලිය ඉදිරිපිට හිඟා කෑමේ යෙදී සිටිය ද ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටින පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
කොච්චිකඩේ පල්ලිය ආසන්න ජම්පටාවීදියේ නවතා තිබූ රුපියල් 20,000 ක් පමණ වටිනා පලතුරු අත් කරත්තයක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරු වෙරළබඩ පොලිසියට මීට දින දෙකකට පමණ පෙර පැමිණිල්ලක් කර තිබූ අතර එම පැමිණිල්ල අනුව වෙරළබඩ පොලිසියේ කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයේ හා අවට සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේදී ඉහත සැකකරු මෙම අත්කරත්තය සොරාගෙන තල්ලුකරගෙන යන අයුරු නිරීක්ෂණය වී ඇති බව ද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු පල්ලිය ඉදිරිපිට සිටින යාචකයෙකු බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
එම තොරතුරු අනුව සැකකරු පල්ලිය අසලට සිඟමන් යැදීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ පෙරේදා (23) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ ප්‍රකාශ අනුව සොරාගත් අත්කරත්තයත් පොලිසිය සොයාගෙන තිබේ.
පල්ලිය ආසන්නයේ සිඟමන් යැදීමෙන් සැකකරු දිනකට රුපියල් 5000 කට අධික මුදලක් උපයන බවට තොරතුරු හෙළි කරගත් බව පොලිසිය කියයි.
සැකකරු මෙම අත්කරත්තය මඳ දුරක් තල්ලුකරගෙන ගොස් පසුව වෙනත් පුද්ගලයකුට රුපියල් 5000 ක මුදලක් දී ඔහු ලවා පමුණුවේ නිවසට එම කරත්තය ගෙන්වාගෙන ඇති බව ද පරීක්ෂණවල දී හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරුගේ සොහොයුරියක් පොලිසියට පවසා ඇත්තේ මත්පැන් පානයට මුදල් නොදෙන හෙයින් මොහු මෙලෙස කටයුතු කර ඇති බවයි.
වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනත කුමාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්, උපපොලිස් පරීක්ෂක අමරසේකර, පොලිස් සැරයන් අමරසිරි (59447), කොස්තාපල්වරුන් වන සරත්චන්ද්‍ර (82638), තුෂාර (90136), ප්‍රනාන්දු (11959) යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඒ සිගමන් ගන්නේ, ඔහුගේ සොහොයුරිය නේ... දවසේ ආදායම දන්නා නිසා ඔක්කොම ඉල්ලගන්නවා ඇති. යාචකන්ට මුදල් දී ඔවුන් තවදුරටත් එයටම පොලඹවන මිනිස්සු හිතා බලන්න.
මොහු ජාතික ජනබලවේගයේ ඇත්ත මිනිසෙක්මයි.
මෙතන ඊට වඩා ලොකු රහසක් තියෙන්නත් පුළුවන්... සමහර විට විදෙස් බුද්ධි අංශයක නියෝජිතයෙක්ද...? එහෙමත් නැතිනම් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක්ද...? සොයාබැලිම නිලධාරින් සතු වගකිමකි...
හොරකමෙන්, බොරුවෙන්, වංචාවෙන්... රජයේ බදු නීතිවලට පිටුපාමින් මනුස්සයින්ව රවටමින් හම්බකරගත්ත මේ ධනස්කන්ධය රාජසන්තක කළ යුතුයි.
දවසකට රුපියල් 5000ක් හම්බකරන මේ මිනිහට හිඟමන් දීලා අවුරුද්දකට කී දෙනෙක් ස්වර්ගයට යනවා ඇද්ද?
මහ මග යදින බොහෝමයක් දෙනා එක්කෝ මුදලාලි කෙනෙකුගේ ගෝලයෝ, එහෙමත් නැතිනම් මේ වගේ ස්වාධීනව ඉල්ලගෙන ජීවත්වෙන කෝටිපතියන්. මේ ගැන හරියට විමර්ෂණයක් කරනවා නම් මේ අසාධාරණ කරදරය නැතිකරන්න පුළුවන්..
මොහු දේවස්ථානය අසල සිට සිඟා නොකා ඇතුළට ගොස් යාඥා කරමින් සිටියා නම් කවදාවත් කෝටිපතියකු වෙන්න බැහැ.
රටේ ඉන්න හුඟක් යාචකයින්ගේ තත්වය ඕක තමයි. බලාගෙන ගියාම හොඳින් අැඳ පැළඳගෙන පාරේ යන මිනිසුන්, හිඟමන් යදින යාචකයාට වඩා දුප්පත්....
පල්ලිය ළඟහිටපු යාචකයා විතරක් නොවේ කෝටිපති වෙන්නේ...!!!
පාස්කු ප්‍රහාරය මට සිහිවෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ මේ ප්‍රහාරය හෙළාදැක්කට කවුරුත් කිව්වේ නැහැ... දෙවියන්ට පෙනුණේ නැද්ද කියලා... මට හිතෙන්නේ ත්‍රස්ත මුස්ලිම් අන්තවාදීන් දෙවියන්ට වඩා ප්‍රබලයි කියලා. ඔබලාගේ අදහස මොකක්ද මේ ගැන..?