
(රේඛා තරංගනී ෆොන්සේකා)
සතියේ සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ ලෙස නම් කර, එය කර්මාන්තකරුවන් සඳහා වෙන්කර කර්මාන්තකරුවන්ට අමාත්‍යවරයා සෘජුවම හමු වීමේ අවස්ථාව සලසා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ.
දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට මගපෙන්වීමේ සහ කර්මාන්ත නගා සිටුවීමේ අරමුණෙන් අද(24) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති ජනතා හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
එහිදී සුළු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් රැසක් තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙන්ම තම කර්මාන්ත සංවර්ධනය පිණිස ලැබිය යුතු සහයෝගය ආදී කරුණු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කළ අතර එහිදී නව නිෂ්පාදන යෝජනා වෙතද අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.
දේශීය කර්මාන්තකරුවා මේ වන විට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කළ අතර ඉදිරියේදී සියලු කරුණු සඳහා නිසි විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව හෙතෙම ඔවුන් හමුවේ පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන රැසක ප්‍රධානීහු සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා තේරෙනවද ටිකිරි මොලයට? කෑගහන්න විතරනේ දන්නේ..
වැඩේ හොඳයි, අලුත් කර්මාන්ත වලින් කොමිස් ඉල්ලන්න එපා, ගෙදර ලොකු කරන්නත් එපා, නෑයන්ට ගෙවල් හදලා දෙන්නත් එපා.
මීට ඉහතදී පත්වෙච්ච රජයන් තුළින් මේ රටේ කර්මාන්තකරුවන් කියලා කට්ටිය හිටියද කියලාවත් හොයලා බැලුවේ නෑ. ඔබතුමා විසින් කර්මාන්ත කරුවාට දිනයක් ලබාදීම මගින් කර්මාන්ත කරුවාගේ ප්‍රශ්න සාකච්ඡා කර විසඳාගැනීමට මහඟු අවස්ථාවක් සැලසේ..!