
(*** මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 28 හා 29 දෙදින තුළ රටේ විවිධ ස්ථාන පහක දී සහරාන්ලාගේ දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව දක්වමින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් දන්වා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යොමුකළ ලිපිය තමන්ට ලැබුණේ අප්‍රේල් 30 වැනිදා බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (24) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
ඔහු එසේ කීවේ දෙවන ප්‍රහාරයක් පිළිබඳ දැනුවත් කිරීමේ ලිපියක් පොලිස්පතිවරයාගෙන් ලැබුණේ කවදාදැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම තොරතුර විදේශීය බුද්ධි අංශයක් මගින් ආරක්ෂක අමාත්‍යංශයට ලැබී තිබෙන්නේ අප්‍රේල් 27 වැනිදා වන අතර එය ජාතික බුද්ධි ප්‍රධානී මගින් පොලිස්පතිට ලැබී ඒ අනුව පොලිස්පති සකස් කළ ලිපිය අස්සන් කර තිබෙන්නේ අප්‍රේල් 29 එනම් දෙවන ප්‍රහාරය ක්‍රියාත්මක වන බව තොරතුරේ සඳහන් දෙවන දිනයේ බව ද සොලිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පැවසීය.
කාර්යාල මගින් ලිඛිතව තොරතුරු හුවමාරු කරගැනීමට යාමෙන් මෙවැනි හදිසි දැනුම්දීම් පවා ප්‍රමාද වී ලැබෙන බව ද තමන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන දැනගත් වහාම වට්ස්අප් මගින් අදාළ බලධාරීන් දැනුවත් කළේ ඒ නිසා බව ද ඔහු කීය.
රාත්‍රි දොළහටත් බුද්ධි තොරතුරු ලැබෙන අතර එම තොරතුරු කාර්යාලයක සේවය කරන නිලධාරින් කැඳවා ලිපි මගින් අදාළ අංශවලට ලබාදෙන්නට ගියහොත් අනවශ්‍ය ප්‍රමාදයන් සිදුවී ඇතැම් විට දැනුවත් කළ යුතු කාලය පසුවී දින ගණනාවකට පසු අදාළ අංශ වෙත යොමුවිය හැකි බව ද ජයවර්ධන මහතා පැවසීය.
ඒ නිසා බුද්ධි තොරතුරු හුවමාරුව සඳහා රහසිගත හා වේගවත් භාවිතාවකට ගැළපෙන නව තාක්ෂණික ක්‍රම යොදාගත යුතුව ඇතැයි ද නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වැඩකරන ආයතනවල ඊ මේල් එකට පිළිතුරු පැයක් පරක්කු වුනොත් රතු නිවේදන එනවා. මෙන්න ඒකට සුපිරි රටක්.