‘සිදුවූයේ වරදක් බව වැටහෙනවා නම් නිවැරදි කරගත හැකියි’
පසුගිය රජය සමයේ කළ සැපයුම් හා කොන්ත්‍රාත් කටයුතු වෙනුවෙන් වන ගෙවීම් සිදුකිරීම සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සම්මත කරගැනීමට ඉඩ නොදීම වරදක් බව දැන්වත් වැටහෙනවා නම් දැන් හෝ එය නිවැරදි කිරීමේ හැකියාව විපක්ෂ නායකවරයාට තිබෙන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.