
(බන්දු තඹවිට)
අගලවත්ත හෑළඹ ප්‍රදේශයේදී නරියෙකු සපාකෑමෙන් කාන්තාවක තුවාල ලබා ඇතිබවත්, ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් නරියා මරා දමා ඇති බවත් අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පැවසීය.
නරියාගේ හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවු බවත් ඒ මහතා කීය.
අගලවත්ත හෑළඹ ප්‍රදේශයේ පදිංචි අනුලා පොන්නම්පෙරුම නමැති 64 හැවිරිදි කාන්තාවක මෙසේ තුවාල ලබා ඇත.
පසුගිය 11 වනදා තම නිවස අසල පිහිටි තේ ඉඩමක තේ දලු නෙළමින් සිටින විට සවස එහි පැමිණි නරියා එම කාන්තාවගේ පාදය සපා කා ඇති අතර කාන්තාවගේ කෑ ගැසීම ඇසී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් පහර දී නරියා මරණයට පත්කර ඇත.
ප්‍රදේශවාසීන්ගෙ දැනුම්දීමෙන් අනතුරුව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මියගිය නරියාගේ හිස වැඩිදුර පරීක්‍ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇත.
එම නරියා සපා කෑ බවට ඇතිවූ සැකයක් මත එම ප්‍රදේශයේ බල්ලන් එන්නත් කිරීම ඊයේ දහවල් වනවිට ආරම්භ කර තිබු අතර නරියාගේ හිස පරීක්ෂා කිරීමෙන් පසුව නරියාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශයේ ගවයන්ද එන්නත් කිරීමට පියවර ගන්නා බව අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ඩ හිතෙන රටක්.
කාටහරි කෑවම නරි මරණ එක නෙමෙයි මේකට උත්තරය. මේක ඇති වෙන්නේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටුණාම. නරියන් ආක්‍රමණශීලී සත්ව විශේෂයක්. උන් ආහාර දාමයේ ඉහළට ඒමයි මේ වෙන්නේ. විශේෂයෙන්ම දුර්වල ගොදුරු වලට පහර දීම මුලින්ම උත්සාහ කරනවා. ඒ නිසයි කුඩා දරුවන් සහ කාන්තාවන් පහර දීමට පෙළඹෙන්නේ. තේරුම් ගන්න බැරි අදාල පාර්ශවයන් මේ වනවිටත් ක්‍රියාත්මක වෙන නිද්‍රාශීලි පිළිවෙළයි.
මෙම නරියා මරාදමා ඇත්තේ කාන්තාව සපා කෑ අවස්ථාවේ නොවේ.. කාන්තාව සපා කෑ නරියා ඒ අවස්ථාවේ පලවා හැරලා. එදින රාත්‍රියේ නිවසක් අසලට පැමිණි නරියෙක් නිවස අසල සිටි සුනඛයෙක් සපා කා ඇත. එය දුටු නිවැසි කාන්තාව කෑගැසූවිට එහි පැමිණි ප්‍රදේශවාසීන් නරියා මරාදමා ඇත. මේ ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන කුකුලන් වරින්වර අතුරුදන් වී ඇත. එමෙන්ම් පුංචි හැළඹ හා හිරිපිටියකන්ද ප්‍රදේශයේ රාත්‍රී කාලයට නරි රංචු ගැසී ගැවසන බව ප්‍රදේශවාසීන් කියනවා කොහොම වුණත් ලොකු අවදානමක්...