රිෂාඩ් සැඟවෙයි - ආරක්ෂක නිලධාරියා අසුවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 14 October 2020
බදියුදීන් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නැතැයි ද ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකු මෙම පරීක්ෂණවලට අතපෙවීම් කරන්නේ නැතැයි ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (14) පැවැසීය. 14 October 2020
බීට්ටු වන නිලධාරියා අල්ලස් ගද්දී අල්ලයි තිරප්පනේ බීට්ටු වන නිලධාරියා රුපියල් 35,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 14 October 2020
දිවුලපිටිය පොකුරට තවත් 17 ක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් අද (14) දිනයේ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ. 14 October 2020
නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි. 14 October 2020
නෙරපීමට එරෙහිව සෞම්‍ය - පේෂල අධිකරණයට යති කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මහාචාර්ය ධූරයෙන් සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරයෙන් තමා ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රවීන නළු හා එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන සෞම්‍ය ලියනගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 14 October 2020
ජර්මනියෙන් ආ 101 ක් නිරෝධායනය වී ගෙදර යති වව්නියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 101 දෙනෙකු අද (14) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය. 14 October 2020
ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි. 14 October 2020
නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු නිරෝධායන නීති කඩ කරන පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි වන පරිදි නව නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රයක් අද හෙටම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රෝගය බලපවත්වන ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිශ්චය කරන බල ප්‍රදේශයක සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට තිබූ අවහිර, බාධක ඉවත්වනු ඇත. 14 October 2020
කොරෝනා පළමු කතට කලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ 33 ක් කම්හලේ ඉඳලා බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවීමට පෙර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ තිස්තුන්දෙනකු සිට ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙන බවත් මේ අනුව ආයතනයේ සේවකයන්ට රෝගය බෝවන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දහය සහ විස්ස අතර කාලයේදී බවත් කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 14 October 2020
අනියම් බිරිය ඝාතනය කළ අයෙක් දිවි හානි කර ගනී මිහින්තලේ, අඹතලාගම නිවසකදි සිය අනියම් බිරියගේ ගෙල පිහියකින් කපා ඇය ඝාතනය කර එම පුද්ගලයාද කාමරයේ බාල්කයක එල්ලි සිය දිවි හානි කර ගෙන ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 14 October 2020
මාර අත්තක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට බළංගොඩ පින්නවල වලව කොටසේ තේ වත්තක සේවය කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මතට විශාල මාර ගසක් කඩාවැටිමෙන් අද (14) දින දෙදෙනෙකු එම ස්ථානයේදිම මරණයට පත්ව ඇතැයි බලංගොඩ පින්නවල පොලිසිය පවසයි. 14 October 2020
යාපනයේ පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය නගරයේ පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමඟ ඩෙටනේටර් තොගයක් සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. 14 October 2020
උසස්පෙළ ලියන්න ගිය සිසුවියක අනතුරකින් රෝහලේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අසලදී අද (14) උදෑසන සිදුවූ බස් අනතුරකින් මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පැමිණෙමින් සිටි ශිෂ්‍යාවක් බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව කරන්දෙණිය පොලිසිය පවසයි. 14 October 2020
වේයන්ගොඩ ගුරු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය යොදා ගැනීමට තීරණය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 14 October 2020
කහපොල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 14 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1591 ට ගනී මිනුවන්ගොඩ පොකුරෙන් අද (13) රාත්රියේදී (8.50 වන විට) තවත් කොරෝනා ආසාදිතයින් 145 ක් වාර්තා වී තිබේ. 13 October 2020
මධ්‍යම සංස්කෘතික අරමුදල මහාභාණ්ඩාගාරයෙන් මාසිකව කෝටි 13.5 ක් ඉල්ලයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාසිකව රුපියල් කෝටි 13 1/2 ක (කෝටි දහතුනහමාරක) මුදලක් ලබා දෙන්නැයි මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 13 October 2020
ගණකාධිකාරිනියට - ඉන්දීය ජාතිකයන්ට මරණ තර්ජන ඉන්දීය ආයෝජන යකඩ නිෂ්පාදන සමාගමක මෙරට ගණකාධිකාරිනියට හා එම සමාගමේ ඉන්දීය ජාතිකයන්ට මරණීය තර්ජනය කළ බව කියන සංවිධානාත්මක කල්ලියක සිව් දෙනෙක් අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 13 October 2020
කඩුවෙල වැඩබලන මහේස්ත්රාත්වරයාගේ නිවසට ගිනි තැබීමේ උත්සාහයක් කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 13 October 2020
කියන්න නොදුන්න දේ විජයදාස ජනපතිට පිටු 9 කින් යවයි රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියලු දෙනා ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද එය අනිවාර්යයෙන් සම්මත කළ යුතු යැයි ද කියමින් කිසිවෙකුටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි. 13 October 2020
නූතන ඔරලෝසුවක ආධාරයෙන් උසස් පෙළට පිළිතුරු ලියයි අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය අද (13) සවස් වරුවේ පැවති අවස්ථාවේදී උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාගශාලා නිලධාරීන් පියවර ගෙන ඇත. 13 October 2020
පරිප්පු - සීනි - සැමන් - බී ලූනු ආනයනික බද්ද ඉවතට වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පරිප්පු,ටින්මාළු,බී ලූනු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 13 October 2020
ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පවතින කොවිඩ්-19 රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අදාලව විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 13 October 2020
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 October 2020
කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක් කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය . 13 October 2020
ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට විකුණු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ දෙදෙනෙක් මොරගහහේනේ දී අද (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 13 October 2020
අනුරාධා හේරත් අගමැති විදේශ සබඳතා අධ්යක්ෂ ජනරාල් ධූරයට අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත් කරනු ලැබ ඇත. 13 October 2020
විජයානන්ද හේරත් අගමැති කාර්ය මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කරනු ලැබ ඇත. 13 October 2020
යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කළේය. 13 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026