’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’ අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය. 21 June 2020
ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (21) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 15,413ක් විය. 21 June 2020
මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට තොරතුරු දැනගැනීමේ පනත යොදාගනී මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය දේපල අවභාවිතය සිදුවන අවස්ථාවල දී ඒ පිළිබඳ විස්තර ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත අනුව ක්‍රියාත්මක වන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි. 21 June 2020
උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ . 21 June 2020
ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස හෙට සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි. 21 June 2020
මාලේ සිටි ලාංකිකයෝ 225 ක් එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (21) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට පමණයි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය 50 කට සීමා කර ඇති බවත් එම පිරිස්ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය. 21 June 2020
අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
කෝටියක කේරල ගංජා අල්ලයි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 21 June 2020
උඩරට දුම්රිය මග යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) උදෑසන යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 21 June 2020
කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් - යුද හමුදාව අතර ගැටුමක් කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි. 21 June 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අදට 14,516 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද දිනයේදී වාර්තා විය. 20 June 2020
උඩරට මගේ දුම්රියක් පීලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසිය. 20 June 2020
‘’කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය ගැන රජය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’’ මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින විනයාගමුර් ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම ප්‍රකාශ ඉතා බරපතල ප්‍රකාශයක් බවත් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා අද (20) පැවසීය. 20 June 2020
‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය. 20 June 2020
එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 20 June 2020
පැල්මඩුල්ලේදී බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් කුඩා දැරියක් මරුට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල දිප්පිටිගල ප්‍රදේශයේ දි අද (20) උදෑසන ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුන්හැවිරිදි දැරියක් මරණයට පත්වී ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 20 June 2020
චෙන්නායි සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් චෙන්නායි සිට අද (20 )අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 20 June 2020
හපුතලේ පාළු නිවසකින් බෝම්බ සැදීමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි හපුතලේ ඕහිය රේට්ටුවේලි වත්තේ පාළු නිවසකින් බෝම්බ සෑදීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවූ බව හපුතලේ පොලිසිය කියයි . 20 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1950 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1950 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 June 2020
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගනී රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුලදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19) පැවසීය. 19 June 2020
යුරෝපා සංගමයේ බෙදීමක් : වැටුණු ආර්ථිකය ගොඩගන්න යූරෝ බිලියන 750ක යෝජනාවක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා යුරෝපා සංගම් නායකයන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වීමට නියමිතය. 19 June 2020
ඉන්දියාවේ චෙන්නායි සහ තවත් දිස්ත්‍රික්ක තුනකට යළි අගුලු දැමීමේ සීමා ඉන්දියාවේ චෙන්නායි නගරයට සහ ඊට යාබද දිස්ත්‍රික්ක 3 කට නැවත අගුලු දැමීමේ සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 June 2020
සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව අද (19) පියවර ගත්තේය. 19 June 2020
විදේශයන්හි සිට ලැබුණු පාර්සල්වල ලිපින මැකුණේ ඒවා මුද්‍රණයට භාවිතා කළ තාක්ෂණයේ දෝෂයකින් විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ නිසා යැයි නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පැවසීය. 19 June 2020
’’ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා’’ ‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය. 19 June 2020
ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවා ගොස් ඇත. 19 June 2020
රාජ්‍ය බුද්ධිසේවයේ කොස්තාපල් රිය අනතුරට ලක් කළ නීතී ශිෂ්‍යා ශරීර ඇප මත මුදා හරී වෛද්‍යවරයකු විසින් කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක් කොල්ලකෑමේ සිද්ධියේදී එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්කළැයි කියන සැකකාර නිතී ශිෂ්‍යයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්රභාකරන් මහතා අද (19) නියෝග කළේය. 19 June 2020
විදෙස්ගත රැකියා කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 19 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026