(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිල්වලා ගඟේ මාතර තොටමුණ මෝයකට ආසන්නයේ පාවෙමින් තිබු මිනිස් හිසක් හා වම් පාදයක කොටසක් අද (16) සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න මේ දක්වා හදුනා ගෙන නොමැත.
දින කිහිපයක් ජලයේ තිබී නරක්ව ඇති එම සිරුරේ කඳ කොටස මේ වන තෙක්ම හමු නොවීය.
හිස කොටස හමු වූ ස්ථානයට මීටර් 150ක් පමණ ඈතින් තිබී වම් පාදය හමුවී තිබේ.
එම සිරුර සතුන් විසින් කා දමා ඇත්ද, එසේත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද, යන්න පිළිබඳව මේ වන තෙක් තහවුරු වී නොමැති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහසක් කිඹුලන්ගේ පිටින් යවන්න හදලා...
හිස නැති කඳන් ගොඩක් දියවන්නාවේ තියනවා. එයින් එකක්ද කියලා බලන්න.
අපි දැන් අනෙක් කොටස් සෙවීම සඳහා මහා මෙහෙයුමක් ආරම්භ කරමු. ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සහායද ලබාගනිමු.