( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
මෙම සංචාරයේදී චීන ආකරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා රජයේ ඉහළම පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.
මෙය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.
මේ අතර මේ මස මුලදී නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බීජිංහි සංචාරයක නිරතවීම සඳහා දින නියම කර ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදෑ කොන්ද පණ තියෙන විරුවෙක් ගෙනාවා..! දැන් අහක යන නයිත් රෙද්ද අස්සට එනවා.
චීනය ලංකරගෙන ලෝකේ සමහර රටවල් අමනාපකර ගත්තා. ජාත්‍යන්තරව පැත්තකට බර නොවී සිටි අපගේ පොදු ක්‍රමය වෙනස් කොට ඇතිකරගත් මේ නව ක්‍රමය නිසා අනාගතයේදී අප හට ගැටළු අැතිවෙන්නට පුළුවන්...
ඔහොම තමයි... තමන්ගේ වතුපිටි වල වැඩ හොයලා බලන්න හාම්පුතාලා එන එක සිරිතක්නේ..
දේශප්‍රේමීන්ගේ රෙදි ගැලවෙනවා. පෝර්ට් සිටි එක නිසා.. එක රටක්... එක නීතියක්... වෙන්නේ නැහැනේ. චීනයට ඕනෑ ඕනෑ විදිහට නීතිය නවපල්ලා.
විජේදාස නාටකයෙන් මේ අලකලංචිය වහගන්න බැරි පාටයි නේද?
එන පොට හොඳ නැහැ..
කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔක්කොම එකතු වෙලා මේ කාලකණ්ණි ටික පන්නමු. නැතිනම් ලංකවේ නම ‘ලංශුං‘ කියලා වෙනස් කරන්න වෙයි.
මෙම චාරිකාව වරාය නගර නව නීති සම්මත වීම හා එකට බැඳී ඇති බවට සිතිය හැකිය.
අවුරුදු 05 ඉවර වෙනකොට ලංකාවක් ඉතුරු වෙයිද?
මෙයට ලංකාවේ ආගමන නීතිය වලංගු නොවන බවත් වෙනත් නීතියක් බවත් කියැවේ. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බලවේග ඇඳන් යටදැයි වහාම සොයා බලන්න. සහරාන් ප්‍රභාකරන්ලගේ කාලයට වඩා ජාතික ආරක්ෂාව අනතුරේ නොවේද?
ගෝඨාභය එහෙම කළොත් අපි තමයි ඉස්සෙල්ලාම පාරට බහින්නේ කියලා කියපු කෙනෙක් හොයලා දෙන්න...
ඔක්කෝටම කලින් ලංකාවේ ඉන්න චීන්නුන්ට ගසා පැන්නිය යුතුයි. කොළඹ අවට තිබෙන චීන භාෂාවෙන් ලියපු බෝඩ් කඩා දැමිය යුතුයි.
ඇයි අපි පාරට බහින්නේ නැත්තේ? අපි පෙන්නමු දැන්වත් මේ අයට...
චී ණය ලංකාව ජාත්‍යන්තර දුගියෙක්, හිඟන යාචකයෙක් බවට පත් කරලා ඉවරයි!
බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව, අපිට චීනයෙන් ලැබුණු ත්‍යාගයක්.. ඒ කාලයේ චීනය හරි දුප්පත්... හුඟක් ප්‍රශ්නවලින් පීඩිතවෙලා ඉන්දැද්දී තමයි... එයාලා මේ ත්‍යාගය අපිට පිරිනැමුවේ.. මමත් අද ආනයන, අපනයන කෝටිපතියෙක් වෙලා ඉන්නෙත් චීනය නිසා බව සතුටින් සඳහන් කරමි.
චීනා ඒ රටේ පාලනේ කෙරුවාවල් ගැන උපදෙස් දෙන්නත් බැරිකමක් නැහැ.
මේක අපේ රටේ මනුස්සයින්ගේ හැටි. එයාලා කැමැති කොහොහරි රටකට ගිහින් බැලමෙහෙවරකම් කරලා ජීවත් වෙන්නයි. එයාලාට ආර්ථික සංවර්ධනයක් ගැන දැනීමක් නැත. තාමත් ගල්යුගයේ විදිහට තමයි ජීවත් වෙන්නේ.
හොර චීනා... මේ චීනා එන දවසට අපේ රටේ හැම තැනම කළු කොඩි දැමිය යුතුයි..