
(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල හුණුපිටිය ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් කෝටි දෙක හමාරකට අධික වීදි වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තරුණයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2 ග්‍රෑම් 400ක් බව පොලිසිය කියයි.
ජාඇළ සහ සපුගස්කන්ද ප්‍රදේශවලින් ඉකුත් දිනවල සොයා ගත් අයිස් මත් කිලෝ 125 අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් අයිස් හම්බ වෙන නිසා ලංකාව සීතල රටක් වෙයිද දන්නේ නෑ