(ඩයනා උදයංගනී)

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අභිනව නැකැත් චාරිත්‍රයක් වශයෙන් ජාතික රුක්රෝපණ නැකතක් ඇතුළත් කර තිබූ අතර අද (16) පෙරවරු 6.40ට එම නැකට යෙදී තිබිණි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අඟුණකොළපැලැස්සේ පිහිටි සිය නිවසේ ගෙවතත්තෙහි සුබ නැකතින් පැළයක් රෝපණය කළේය.

ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරයා වෙත ඊයේ (15) පරිසර අමාත්‍යවරයාට සුදු සඳුන් පැළයක් ලබා දී තිබිණි.

මෙම දුර්ලභ ජාතික රුක්රෝපණ නැකත පරිසර අමාත්‍යවරයාගේ අදහසක් පරිදි ජාතියට හුස්ම දෙන නැකත ලෙස නම් කර තිබිණි.

තංගල්ල, ත්‍රිකුණාමලය, කොළඹ හා මහියංගනය යන ප්‍රදේශවලද නැකතට පැළ සිටුවීමේ ප්‍රධාන වැඩසටහන් කිහිපයක් පැවැත්විනි.