නැව් මගින් මෙරටට ගෙනා පාර්සල් 42,000 ක යැවිය යුතු ලිපින මැකිලා
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිට ගුවනින් එවිය නොහැකි වූ පාර්සල් 42,000ක පමණ තොගයක් නැව් මගින් මෙරටට ලැබී ඇතත් ඒවායේ ලිපින මැකී යාම හේතුවෙන් හිමිකරුවන් වෙත යැවීමට නොහැකි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.