වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පරිප්පු,ටින්මාළු,බී ලූනු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
බදු ඉවත් කිරීම නිසා අද (13) රාත්‍රී සිට ටින්මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූනු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85 ක මිලකට ගැනීමට හැකිවනු ඇත.
මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.
පොල්සංවර්ධන මණ්ඩලය,කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකරඇත.
එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම රටක්, එකම නීතියක්... එක එක දේශීය නිෂ්පාදන පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම්... කවුද මේවා කිව්වේ?
අපේ රටේ වැවෙන සියලු දේ පිටරටින් ගෙනඒම තහනම් කළා නේද ජනපති..? එහෙනම් ඇයි මේ අබරන් සීයේ..?
මේ බඩු කවදා ඉඳන් ජනතාවට පෝලිමේ ඉන්නේ නැතිව නිදහසේ ගන්න පුළුවන්ද? තමන් කැමැති ප්‍රමාණයක්... බඩු මාකට් එකේ නැතිනම් කාටද කෝල් කරන්න ඕනෑ නම්බර් කියන්න.
ඇයි ජනාධිපති කිව්වනේ පිටරටින් බඩු ගේන්නේ නෑ... මෙහෙ වවනවා කියලා.. ඇයි මේ?
හැට නව ලක්ෂයක පරපුරට දෙන්න පුන්නක්කු වල ගණන් අඩු කලේ නැද්ද සර් තාම..?
ඔය කිව්වට වෙළෙන්දෝ ඔය බඩුමිල අඩුකරන්නේ නැහැ.
පරිප්පු ඇමති, සීනි ඇමති සහ සැමන් ඇමතිට 69 ලක්ෂයක් ජනතාව හිස නමා ආචාර කරනවා.
ලොකු ලූනු ගොවියෝ ඉවරයි.
තව ටික දවසකින් 20 සම්මත කරපුවහම පරිප්පු නොමිලේ කන්න පුළුවන්. හදිසි වෙන්න එපා සල්ලි දීලා කඩෙන් ගන්න.
ආපු දවසේ ඉඳලාම ගත්තේ මෝඩ තීරණ... දානවා... ගන්නවා. ආනයන නවත්වන්න කළින් රටේ තත්වය බලන්න ඕනේ. ඊට පස්සේ ටික ටික නවත්වන්න ඕනේ. ආපු ගමන් ගාල කඩාගත්තු හරක් වගේ 69 ලක්ෂයේ ගැලරිය පිනෙව්වා. අනේ මම දන්නේ නැහැමේවා කොහෙන් කෙළවර වේවිද කියලා..
අන්න හරි, වැඩිපුර ගෙන්නවලා අපේ බඩකට පුරවන්න. ගෙන්වනකොට පිටරටට ඇදීයන අපේ මුදල් අපේ නෙමෙයිනේ..., චීනෙනේ...
69 ලක්ෂයටත් රට තනකොළ ගෙනාවොත් නරකද?
කියන්නෝ කෙසේකීවත් අසන්නෝ සිහිබුද්ධියෙන් අහලා මීට පස්සේවත් ඡන්දේ දෙන්න පුරුදුවෙන්න.
දැන් අපේ රටේ මොන හේතුවකට, අහේතුවකට වුණත් ලැබෙන්නේ සැමන් ටිකයි, පරිප්පු හුණ්ඩුවයි. ඇත්තටම දියවන්නාවේ අයත් හැමදාම කන්නේ මේවද?
එක රටක්, එක නීතියක්... මේ කියන දේ මේ වෙනස් කරන රටක් කොහේද තියෙන්නේ..?
ගණන් අඩු කළාට සතොසේ බඩු නැහැනේ..
ගියපාර කොරෝනා රැල්ලට ටින් මාලු 100, පරිප්පු 65 . අම්මෝ 3වැනි රැල්ල නම් එපා.
බදු අඩු කලද මහජනයාට සෙතක් නම් නැත.
අනේ පොම්පියෝ ඔයාට ගොඩක් පිං ඇවිත් අපිට සහන දීලා ගියාට.
අනේ සෑර් ඔය කියන ගණන් වලට කොට්ටාවෙ සතොසෙ නම් දෙන්නෙ නෑ. සැමන් 245/-, බී ලූණු 180/-, සුදු සීනි 110/- ඇවිත් බලලා හරි හිමින් සැරේ කාව හරි දාලා හරි බලන්නකො. අපිත් ආසයි 200/- සැමන් කන්න. බෝඩ් ගහලා විකුණන්නෙ. බිල ගෙනියන්න දෙන්නෙත් නෑ.
අනෙක මේවා යුරොපයෙන් ගේන ජරා ළූණුනෙ. අපි කෑමට අරන් පුරුදු ඉන්දියන් පකිස්ථාන් ළූණු නෙවෙයිනෙ. මීට ඉස්සෙල්ලා ජේ ආර් ආණ්ඩුවත් යාපනේ ළූණු ගොවියට පාඩම් උගන්නන්න මේවා ගෙන්නුවා මතකයි. හැබැයි අපේ අය ප්‍රතික්ෂේප කළ නිසා විසි වෙලා ගියා. මේ සැරේ මොනා වෙයිද?