පොළොන්නරුව ප්‍රතිකාර ලබන කාන්තාවකටත් කොරෝනා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (16) අනාවරණය කළේය. 16 October 2020
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1789 ට නගී මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (15) රාත්රියේදී (9.30 වන විට) තවත් ආසාදිතයන් 19 දෙනෙක් එක් වී තිබේ. 15 October 2020
ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසල් පැය 14ක් විවෘතයි දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු පෙදෙස්වල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 15 October 2020
කොළඹ මහ නගර සභාව මහජනයාට සති දෙකකට වහයි කොළඹ මහ නගර සභාව මහජනයා සඳහා සති දෙකකට වසා දමා ඇතැයි නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) සඳහන් කළාය. නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා වසා දමා ඇතැයි ඇය කියාසිටියාය. 15 October 2020
නව පී.සී.ආර්. යන්ත්‍ර 5ක් ගෙන්වයි ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර පහක් මේ වනවිට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ දී අද (15) පැවැසීය. 15 October 2020
බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් නොමිලේ බන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශය පවසයි. 15 October 2020
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය. 15 October 2020
කොරෝනා වයිරසය මාතරටත් යයි දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන් පසු ස්වයං නීරෝධායනයට යොමු කර සිටි 63 හැවිරිදි කාන්තාවකට අද (15) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂණයේ දී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 15 October 2020
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් නොමග ඇරියාට දෙදෙනෙකුගේ පන්ති තහනම් රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ. 15 October 2020
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60 ක් කරන්න යයි මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති ජාතික කම්කරු උපදේශක සභාවේ දී යෝජනා කර ඇත. 15 October 2020
මාර්ග සංවර්ධනයේ ලොක්කන් 20 දා කෝප් කමිටුව හමුවට මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) වෙත කැඳවා තිබේ. 15 October 2020
සිනමාශාලා යළිත් වසාදමයි දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. 15 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 49 ක් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරට අද (15) දිනයේ පුද්ගලයින් 49 දෙනෙකු වාර්තා වී තිබේ. 15 October 2020
ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 15 October 2020
නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත. 15 October 2020
පොඩි ලැසීව සී.අයි.ඩීයට දෙන්න අවසර දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණය කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 15 October 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුඛ ආවරණ නැතිව සිටි 50 ක් අත්අඩංගුවට සෞඛ්‍ය ආරක්ෂිතව නිසියාකාර මුඛ ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි සහ සේවය කරමින් සිටි 50 දෙනෙකුට වැඩි පිරිසක් අද (15) අත්අඩංගුවට ගත බව පොලිසිය කියයි. 15 October 2020
රැස්වීම පැවැත්වෙද්දීම ලග්ගල ප්‍රා.සභා ගොඩනැඟිල්ලේ සීලිම බිම මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වු අද (15) පෙරවරුවේ සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටුණු බව සභාපති බුද්ධික සේනාරත්න මහතා පවසයි. 15 October 2020
නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක් පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 15 October 2020
මහ පාරේ රේස් පැද්ද යතුරු පැදිකරුවෝ පොලිස් ජීප්රියේම හැප්පෙති තරගයට ධාවනය යෙදුණු යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටීමෙන් ස්ථානාධිපතිවරයා හා යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර පොලිසිය කියයි. 15 October 2020
අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක් නීතිපතිවරයා උපදෙස් මත තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (15) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 15 October 2020
ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කරයි කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 14 October 2020
උසස් පෙළින් පසු පෞද්ගලික බස් රථ හිමියෝ වර්ජනයකට සැරෙසෙති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 14 October 2020
කොරෝනා නිසා ළමුන් බඩගින්නේ මියයාවි කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්රෙබෙයිසිස් පවසයි. 14 October 2020
කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ. 14 October 2020
බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(14) නියෝග කළේය. 14 October 2020
ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි තුනකින් පහතට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 14 October 2020
වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි. 14 October 2020
කටුනායකට ඇඳිරි නීතිය කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 October 2020
මිනුවන්ගොඩින් මළගෙදරට ආ නිසා බලන්ගොඩත් 15 ක් නිරෝධායනයට බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගී වු පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු විම නිසා එම ප්‍රාදේශයේ නිවාස 5 ක පදිංචිකරුවන් 15 දෙදෙනෙකු අද (14) පස්වරුවේදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 14 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026