
(තිලකරත්න දිසානායක)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය අද (13) සවස් වරුවේ පැවති අවස්ථාවේදී උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාගශාලා නිලධාරීන් පියවර ගෙන ඇත.
ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවකදී මෙම වංචාව හසුව ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පැමිණිලි කර තිබේ. මෙම උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවෙහි ජීව විද්‍යාව විෂයට තොරතුරු ඇතුලත් කර තිබී ඇති බව අනාවරණය වී ඇත.
සිසුවා පොලීසිය බාරයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර වංචා සහගත අන්දමින් පිළිතුරු ලිවීමට යොදාගත් ඔරලෝසුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිනිස පොලිස් බාරයට ගෙන සිසුවා මුදා හැරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්මාර්ට් ඔරලෝසු සම්බන්ධයෙන් මීට වඩා ගුරුවරුන් දැන සිටිය යුතුයි. පාසලටත් මේවා බැඳගෙන ඒම පිළිබඳව අවධානයක් යොමු කරන්න.
පරීක්ෂක මහතුන්ගේ තවත් තාක්ෂණ දැනුම වැඩිකළ යුතුයි.
මෙවන් කාල මාපක පිලිබදව ගුරුවරුන්ගේ දැනුම නම් ඉතාමත්ම අල්පය.... නවීන අධි තාක්ෂණයෙන් සපිරි මේවා පැළද විභාගවලට පෙනිසිටිමේදී නීතිමය තර්ක විතර්ක කප්පරක් කෙප්ප ඇද බෑමට අපේ අය සැදීපැහැදී මග බලාසිටිනු ඇත. කෙසේ වෙතත් මෙම දරුවාගේ යම් වැදගත් දක්ෂතාවයක් ඇති බැවින් එය නිසි ලෙස හදුනාගෙන එමගින් අනාගතයට පලප්‍රයෝජන ගතහැකි නම් එය සුදුසු නොවන්නේද ?
විභාග වංචා සිදුවූ විට ඒ ගැන පොලිසියට දැනුවත් කිරීමට ප්‍රථමයෙන් දරුවාට අවවාද දීලා අදාළ උපකරණය විභාග ශාලාධිපති බාරයේ තබාගෙන සම්පූර්ණ විභාගය අවසානයේ යම් විනයානුකූල පියවරක් ගැනීම කළ යුතුයි නේද? වඩාත්ම වැදගත් වන්නේ.. දරුවාගේ මානසික තත්වය සහ විභාගයට මුහුණ දීමයි.
මොකක්හරි කරලා විභාගේ පාස්කරගෙන චැනල් කඩයක් දාගන්න. නැතිනම් ගැලවීමක් නැහැ..
අද තියන නීතියට අනුව මෙම දරුවා කර ඇත්තේ වරදක්. නමුත් වියයුත්තේ ලාංකීය දරුවන්ට දෙන අධ්‍යාපනය සහ එම ලබාගත් දැනුම මැන බලන අකාරය ගොඩක් වෙනස් විය යුතුයි. ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගත යුතුයි. යම් විෂයයක් කටපාඩම් කරගෙන සීමිත කාලයක් ඇතුළත පිළිතුරු බැලීම ඉතාමත් ප්‍රාථමික ක්‍රමයක්. කිසිදාක නිර්මාණශීලී මිනිසකු බිහිවන්නේ නෑ. සුද්දා අපිට කියලා දුන් දෙය අපි තාම කරනවා. සුද්දා වෙනස් වෙලා. මට මතකයි ඉස්සර බෝල් පොයින්ට් පෑන, කැල්කියුලේටරය පාවිච්චිකරන එකත් වරදක්...
තාක්ෂණික දේවල් භාවිත කර හොර වැඩක් කළාම මහා ලොකුවට ඒ දේවල් අගය කරන එකත් ගොන් කමක්...
සාමාන්‍ය පෙල, උසස් පෙල විභාග ලිවීමට පෙර විභාග ප්‍රවේශ පත්‍රයේ විභාගයට නොගෙන ආ යුතු දේවල් දක්වල තියනවා. මෙයින් එකක් තමයි ස්මාර්ට් ඔරලෝසු. ඊට අමතරව විභාග ශාලාව ඉදිරියේ ලොකුවට පෝස්ටර් මගින් දැනුවත් කරලා තියනවා. මේ නිසා මේ දරුවා සිතාමතා කරන්න ගිය වරදක් බව පේනවා.
නීතිය කාටත් පොදු විය යුතුය.