
(අජන්ත කුමාර අගලකඩ)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාසිකව රුපියල් කෝටි 13 1/2 ක (කෝටි දහතුනහමාරක) මුදලක් ලබා දෙන්නැයි මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
කෝවිඩ් 19 වයිරසයත් සමග සංචාරක ව්‍යාපාරය කඩාවැටීම නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම අහිමි වී ඇති බැවින් මහා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දෛනික ප්‍රෙව්ශපත් ආදායම රුපියල් 130,000ක් පමණ දක්වා අඩුවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
අරමුදලේ සේවක වැටුප් ගෙවීමට වසරකට රුපියල් කෝටි 11ක පමණ මුදලක්ද, අත්‍යාවශ්‍ය වියදම් සඳහා මසකට රුපියල් කෝටි 2 1/2 (කෝටි දෙකහමාරක) පමණ මුදලක්ද අවශ්‍ය වන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 13 කට ආපහු ලැබෙන රිටර්න් එක මොකක්ද?
දැන් ඉන්න රජවරුන්ගේ වැඩවලට වන්දි ගෙවන්න වෙනවා වගේම පුරාණේ අයගේ වැඩවලටත් අපිටම තමයි ගෙවන්න වෙලා තියෙන්නේ.
සල්ලි වලට කෑදර මිනිස්සුන්ට රට බාරදුන්නාම ඔහොම තමයි. රටට ආදරේ මිනිස්සු නැති රටක්... කොහොම සංවර්ධනය කරන්නද?
සංචාරක ව්‍යාපාරය හොඳින් තිබුණු වකවානුවේදී මේ අරමුදලේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එකතුවී තිබුණු බව අසා ඇත. කලින් සිටි බලධාරින් එම මුදල් අයුතු ලෙස පරිභෝජනය කළ නිසා දැන් හිඟමනට පත්වී ඇත. අහෝ ඛේදයකි.
අපොයි රැකගන්න සංස්කෘතියක් තියෙනවා නම් කමක් නැහැ.
හිටපු ඇමති සහ සමගි ජනබල වේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් තමයි ඉල්ලගන්න තියෙන්නේ. එයානේ මේ ආයතනයේ සල්ලි ගත්තේ... එයාගේ තාත්තාගේ කාලෙ එස්.ටී.එෆ් එක ආරක්ෂාවට තියාගෙන නිධන් ගොඩගත්තා.