
(විනීතා එම් ගමගේ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ කාලයේ දී ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මහින්ද රාජපක්ෂ මහතා කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයාව සිටි කාලයේ දී සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාව සිටිය දී ද ඔහුගේ මාධ්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති හේරත් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි හේරත් මහතා මාධ්‍ය සම්බන්ධීකරණ සහ මාධ්‍ය කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම් සහිත වූවෙකි.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධරයකු වන අතර එම විශ්ව විද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ... මේක නම් ඉතාමත් වැදගත් පත්වීමක්. මේ වෙලාවේ රටට ඕනේම දෙයක්. නියමයි සර්. අපි පුදුමාකාර විදියට ආඩම්බර වෙනවා මේ ගැන...
සැමියා, බිරිඳ දෙන්නාටම නව පත්වීම් දීලා වගේ.. මේක නම් මේ වෙලාවේ හැටියට අත්‍යාවශ්‍යම කාරණයක්.. ඔහොම යං අප්පච්චි... බයියෝ තාම නිදි..
හේරත් පුදුම සැලකිල්ලක්නේ සලකන්නේ මේ තනතුරු දෙකටම වඩා සේවයක් නගර සභාවක කම්කරුවෙක් කරනවා..
එතකොට රොහාන් වැලිවිටට මොකද වුණේ..?
මේ මනුස්සයින් නම් ඉගෙනගෙන මේ තැන්වලට ඇවිත් උපාධිත් එක්ක ප්‍රදානය කරලා තියෙන හැටි දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ.