සහිරා විද්‍යාලයේ අමර්ටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක් “හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ ගොඩක් දේවල් කැපකර උත්සාහයෙන් කටයුතු කළ නිසයි. උත්සාහවන්තයා අනිවාර්යයෙන් ජය ගන්නවා” යැයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවම එනම් ලකුණු 200න් 200ක් ලබාගත් මරදාන සහිරා විද්‍යාලයේ මොහොමඞ් ෆර්සාන් මොහොමඞ් අමර් ශිෂ්‍යයා පැවසීය. 16 November 2020
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදුත් ශිෂ්‍යත්වයෙන් 200 ගනී ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන පෙරමුණේ කංකානම්ලාගේ දොවිදු චිරන්දිත් ශිෂ්‍යයා ද මෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ගැනීමට සමත්ව සිටී. 16 November 2020
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක් කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ. 16 November 2020
තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 16 November 2020
කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200කට කොරෝනා කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. 16 November 2020
පුත්තලම මැතිවරණ හා ඉඩම් ජෙජිස්ට්රාර් කාර්යාලය වසා දමයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ යටතේ ඇති දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා (16) දින පැවසිය. 16 November 2020
311 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 16 November 2020
කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකින් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ තිහක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(16)දින අනුරාධපුර ශ්‍රාවස්තිපුර සුදු පාලම ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උතුරැ මැද පළාත භාර සහකාර කොමසාරිස් සුමේද වසන්ත සිරි මහතා පැවසිය. 16 November 2020
සමගි ජන බලවේගය ’ඩයනාගේ’ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. 16 November 2020
මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය අති විශිෂ්ට ලෙස සමත්වීමට සමත්ව තිබේ. 16 November 2020
කල්ලාරු රක්ෂිතය එළිකිරීමේ වගකීම රිෂාඩ්ගේ කරපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු අභයභූමියේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය නීතී විරෝධි යැයි අද (16 ) තීරණය කළ අභියාචනාධිකරණය එම එළි පෙහෙළිකළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් යළි වන වගාව සිදු කළ යුතු යැයිද තීන්දු කළේය. 16 November 2020
සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තෙනුජ මනුමිත සිසුවා මුළු ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200න් 200ම ලබාගෙන දිවයිනේ පළමු වැන්නන් අතරට එක්ව සිටී. 16 November 2020
හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය අද (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. 16 November 2020
ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දම්සාරාට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. සෙනුදි දම්සාරා මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවියකි. 16 November 2020
ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානය තංගල්ලේ තසිඳුට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් ශිෂ්‍යයා ලකුණු 200න් 200ම ලබා දිවයිනේ පළමුවැන්නා බවට පත්වී ඇත. 16 November 2020
ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි විවිධ අධිරාජ්‍යවාදි යුගවලදි බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් ගෙන්වා ගැනීමට කටයුතු සාකච්ඡා කරමින් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. 16 November 2020
තඹුත්තේගම පොලිසියේ තවත් 36කට කොරෝනා තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුට ඊයේ(15) සිදුකළ පිසිආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාධිතව ඇති බව තහවුරු බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය. 16 November 2020
ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන, රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා ,සැකකරුවන් 5දෙනෙකු සමග අද(16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි. 16 November 2020
ගාල්ල සංඝමිත්තාවේ දියණියකට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණ ලබාගත් ශිෂ්‍යාව බවට පත්ව සිටින්නීය. 15 November 2020
අද දිනයේ කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 704 ට නගී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (15) පස්වරු 20.45 වනවිට තවත් ආසාදිතයන් 160 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 704 ක් දක්වා ඉහළ ගියේය. 15 November 2020
නිවෙස්වල මියයන්නන්ගේ සිරුරු ගැන කටයුතු කරන්නේ කෙසේදැයි මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලයි නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත කඩිනමින් ලබාදිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. 15 November 2020
හුදෙකළා ප්‍රදේශ මඟහැර කාර්යාල දුම්රිය දුවයි විශේෂ කාර්යාල දුම්රිය හෙට (16) සිට උදෑසන සහ පස්වරුවේ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය ආරංචි මාර්ග පවසයි. 15 November 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 5 දෙනකු අද (15) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 15 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 544 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (15) පස්වරු 6.05 වන විට කොවිඩ්-19 වයිරස ආසාදිතයන් 544 දෙනෙකු හදුනා ගෙන තිබේ. 15 November 2020
කොරෝනා සහන සලසන්න රජයේ වියදම කෝටි 686 ක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් මේ දක්වා රජය විසින් රුපියල් මිලියන 68,640 ක අරමුදල් වෙන්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2020
මව්බිමට යළි එන අයට තවත් දොරටුවක් විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසයි. 15 November 2020
සුවය ලැබූ 171 ක් ගෙදර යති කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලබා අද (15) දිනයේ පුද්ගලයින් 171 දෙනකු පිටව ගොස් තිබේ. 15 November 2020
අනුරාධපුරයට එන මාර්ග හරහා වාහල්කඩ 4 ක් අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ආවරණය වන පරිදි වාහල්කඩ හතරක් ඉදි කිරීමට තීරණය කර ඇත. 15 November 2020
දහම් ගුරු සේවා විභාගය කල්යයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වාර් ෂිකව පවත්වනු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. 15 November 2020
බන්ධනාගාරවල කෝවිඩ් ආසාදිතයන් ගණන 400 පනී බන්ධනාගාරවල කෝවිඩ්-19 වයිරසය ආසාදනය වූ රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (15) මේ වනවිට 437 ක් වී තිබේ. 15 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026