
(සුජිත් හේවාජුලිගේ )
මෙරට ජනතාවට හිඟ පාඩු වී ඇති අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
මේ හිඟ එන්නත් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත .
හිඟ එන්නත් තොගය ලබාගැනීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසීය .
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට දැනටමත් ලබා දී ඇත.දැනට හිඟ පාඩුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ හයක් පමණ කැයි සෞඛ්‍ය අංශ නිලධාරිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම මුදල් ගෙවා නිෂ්පාදනය කරන සමාගමෙන් ඇණවුම් කරන්න.
වැඩවල කිසිම පිළිවෙළක් නැතිකමක් තියෙන්නේ... ඕක මුලින්ම දෙනකොට ඒ දවස් වලම ඊට සරිලන ප්‍රමාණය ඕඩර් කරා නං කිසිම අවුලක් වෙන්නේ නෑ. මොළයක් නැති අය පාලනයට ආවම ඕවා වෙනවා...
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවම ලබාදෙන්න. අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතවට චීනයේ හෝ රැසියාවේ නිෂ්පාදිත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ එන්නත් ලබා නොදෙන්න. ලෝකයේ රටවල මේ පිළිබඳව සකච්ඡා පැවැත්වුවද එම රටවල ජනතාව වඩාත් කැමැත්තක් දක්වා තිබෙන්නේ ෆයිසර් එන්නතේ පළමු එන්නත ලබාගත් පිරිසට, ෆයිසර් එන්නතේ දෙවන එන්නත ලබාදීමටත් moderna එන්නතේ පළමු එන්නත ලබාගත් පිරිසට moderna එන්නතේ දෙවන එන්නත ලබාදීමට අවසානයේ තීන්දු කර ඇත. අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවම ලබාගැනීමට හෝ ෆයිසර් හෝ moderna එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට සහ එම එන්නත් ලබාගැනීමට ජනතාවද කැමැත්තක් දක්වා ඇත.
අවුරුද්දක්ම ගිහිල්ලත් ඇත්ත තත්වය වසන් කරගෙන ගව මුත්‍රා මුට්ටි, කන්සා මිශ්‍ර පැණි සහ පඬු පාට නූල් වගේ මිථ්‍යාව පතුරුවමින් අවිධිමත් ක්‍රියා පිළිවෙතක් ගෙනයමින් " අපි තමා හොඳටම කෙරුවේ" කියලා... කයිය ගගහ ඉඳලා දැන් තමයි පිට්ටනි හොයන්න දඟලන්නේ... හරි හමන් සෞඛ්‍ය සේවාවක් නැති රටක අධිවේගී මාර්ග සහ තෙල පුච්චාගන්න ජංගම ජිම් හදන එක තමා ප්‍රමුඛතාවය බවට පත්වෙලා තියෙන්නේ. වෙසක් මාසේ කියල නෑ කෝටිපතියෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කරලා කියලත් ආරංචියි. ඒ ගොල්ලන්ට නම් මොකද පවුල් පිටින් ඉන්නේ ඇමෙරිකාවේ. දරුවන්ට ළමයි හම්බ වෙන්නේ ඇමෙරිකාවේ. උණ, හෙම්බිරිස්සාවක් හැදුණත් බෙහෙත් ගන්න දුවගෙන යන්නේ ඇමෙරිකාවට... අපට තමයි අර අභයාරාමයේ නායක හාමුදුරුවෝ කියන විදිහට "මහමග මැරෙන්න" වෙලා තියෙන්නේ...
මෙම ඇස්ට්‍රාෙසනෙකා එන්නත නෝර්වේ රජය එරට මිනිස්සුන්ට විදීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ලේ කැටිගැසීම නිසා. කරුණාකර නොර්වේ නිවුස් අන්තර්ජාලයෙන් බලන්න. මේක අවදානම්.. තීරණය ඔබ අතේ...
ආ මේ වැඩේ බාර දීලා තියෙන්නේ චෝදනා සහිත වීරතුංග කෙනෙකුට නේද? චෝදනා සහිත එක් වීරතුංග කෙනෙකුගේ ටෙස්ට් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 3 වන රැල්ල බිහිවිය. උගතුන් වෙනුවට කපටින් ඩෙඟා නටද්දී නිවටුන් ලෙස අප සතුටින් සිටිමු.
සජිත් රටවල් වල තානාපතිවරු ගෙන්වලා කිව්වනේද එන්නත දෙන්න කියලා වැඩේ හරිගියේ නැද්ද?