(ඩයනා උදයංගනී)
මෙරට කොරෝනා මරණ ගණන 900 සීමාව ඉක්මවා ගියේය. මැයි 9 වැනි දා සිට මැයි 14 දක්වා සිදු වූ දක්වා කාලය තුළ මරණ 29 වාර්තා වී ඇති අතර එම මරණ සමග මුළු මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
කෝවිඩ් -19 නියුමෝනියා තත්ත්වය නිසා වැඩි පිරිසකගේ මරණ සිදු ඇති බවට වෛද්‍යවාර්තා සනාථ කරයි.
මේ අතර ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයන් 2269 දෙනකු වාර්තා වූ අතර මෙම ආසාදිතයන් සමග මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1,38,065 දක්වා ඉහළ ගියේය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, නුවරඑළියේ 74 හැවිරිදි කාන්තාවක් සහ හොරණ ප්‍රදේශයේ 93 හැවිරිදි කාන්තාවක්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, නෙළුම්දෙණිය ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, නවුත්තුඩුව පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, මතුගම ප්‍රදේශයේ 92 හැවිරිදි කාන්තාවක් සහ 94 හැවිරිදි පිරිමි අයෙක්, පානදුර ප්‍රදේශයේ 57 හැවිරිදි පිරිමි අයෙක්,අම්බලන්ගොඩ ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක්, රත්ගම ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, නාගොඩ ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමියෙක්, මොරටුව ප්‍රදේශයේ 56 හැවිරිදි පිරිමි අයෙක්, වක්වැල්ල ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, කටුගස්තොට ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවක්, හික්කඩුවේ 74 හැවිරිදි පිරිමි අයෙක්, ගිංතොට ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, කොළඹ 05 ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, වැලිගම්පල ප්‍රදේශයේ 62 හැවිරිදි කාන්තාවක්, ගලෙන්බිඳුණුවැව පදිංචි 86 හැවිරිදි පිරිමි අයෙක්, 49 හැවිරිදි කාන්තාවක්, පොල්ගස්ඕවිට හල්තොට ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, ජා ඇල ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, බොරලැස්ගමුව ප්‍රදේශයේ 41 හැවිරිදි පිරිමි අයෙක්, කඳාන ප්‍රදේශයේ 54 හැවිරිදි පිරිමි අයෙක්, පේරාදෙණිය ප්‍රදේශයේ 47 වියැති කාන්තාවක්, පේදුරුව ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක්, බොරලන්ද ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි අයෙක්, වත්තල 67 හැවිරිදි පිරිමි අයෙක් සහ කැලණියේ 71 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි පාතාල කාරයොයි, දේශපාලුවොයි එකතුවෙලා රට වැහුවට? කොරෝනා පහරදුන්නා.
පාස්කු මරණ 275 යි කොරෝනා මරණ 900 යි.