බස්නාහිර හැර සෙසු ප්‍රදේශවල පාසල් 23 වැනිදා සිට ඇරේ බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. 19 November 2020
පාර්ලිමේන්තුවේ සජීවී විකාශය ඇන හිටී පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන්ට පැමිණීමට අවකාශ ලබානොදී ඇති පසුබිමට සජීවී විකාශයද අත්හිටුවා තිබීම පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 19 November 2020
අමතර කොටස් එකලස් කළ වාහන ජාවාරමෙන් තවත් 6 ක් අල්ලයි අමතර කොටස් ආනයනය කර එකලස් කර හා සොරා ගත් වාහන වල චැසි හා එන්ජින් අංක වෙනස් කර විකුණා තිබූ රුපියල් කෝටි 9 ආසන්න සුඛෝපභෝගී වාහන හයක් අද (19) සොයා ගැනීමට හැකි වූ බව පාණදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි 19 November 2020
සිවාජිලිංගම් මහවිරු සැමරුමට අවසර ඉල්ලයි නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි. 19 November 2020
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ අයවැය විවාදයේ දෙවැනි දින විවාදයට එක්වීම සඳහාය. 19 November 2020
සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස් කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය. 19 November 2020
ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ. 19 November 2020
පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි. 19 November 2020
බදුල්ල නුවරඑළිය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින වර්ෂාව සමග බදුල්ල නුවරඑළිය මාර්ගයටත් ගල් පෙරළීමේ අවදානමක් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඉකුත් දින රාත්‍රියේ කඳු මුදුනේ සිට විශාල ගලක් එම මාර්ගයේ 109 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගය මතට පතිත වී තිබේ. 18 November 2020
වංචාවට - දුෂණයට - නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා වංචාව, දුෂණය, නාස්තිය වෙනුවෙන් කටයුතු කරන ඕනැම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඩුවම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2020
කොරෝනා සම්බන්ධ අසත්‍ය ප්‍රචාර කළ 29 ක් සොයයි කොරෝනා වෛරසය හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 18 November 2020
කොරෝනා දෙවැනි රැල්ලටත් සැලැස්මක් තියෙනවා කොරෝනා පළමු රැල්ලල මැඩ පැවැත්වුවා සේම මෙවරද එය සාර්ථකව මැඩ පැවැත්විය හැකි බවත්, ඒ සඳහා රජය ක්රියාකරනුයේ සැළැස්මක් ඇතිව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2020
හිරගෙදර ඉදලා පාතාලය මෙහෙයවන්න දැන් බෑ අතීතයේදී මෙන් සිර ගෙවල් වල සිට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට වර්තමානයේ ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය. 18 November 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 325 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (18) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 325 ක් දක්වා ඉහළ ගියේය. 18 November 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (18) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 18 November 2020
දීඝවාපි පුදබිමේ කැණීම්වලින් ඉපැරණි ගල් කරඬුවක් සොයාගනී ඵෙතිහාසික දීඝවාපී චෛත්‍ය පිහිටි මහ මළුවේ දකුණු වාහල්කඩ පරිශ්‍රයේ අද (18) කැණීමේදී ඉපැරණි ගල් කරඬුවක් හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 18 November 2020
ලේසර් කිරණ ආධාරයෙන් වකුගඩුවේ ගලක් ඉවත් කළ විස්මිත සැත්කමක් ලංකාවේ ප්‍රථම වරට වොට් 140 ක අධි බලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මිටර් 4 ක් පමණ විශාල ගලක් මිලිමිටර් 4 ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පරන පල්ලියගුරුගේ මහතා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (18) ඉතා සාර්ථකව සිදු කෙරිණි. 18 November 2020
කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය. 18 November 2020
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැය දෙකක කාලයක් බාධා පැමිණියේය. 18 November 2020
කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් වැඩිකරන්න උපදෙස් කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කොරෝනා මැඩලීමට ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය නිලධාරීන් සමඟ අද(18) සාකච්ඡා කළාය. 18 November 2020
පොලිසියේ ආසාදිතයන් ගණන 800 පනී කොවිඩ් -19 වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. 18 November 2020
බෝගම්බරින් පැන ගිය රැඳවියා අල්ලයි මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි. 18 November 2020
සුවය ලැබූවෝ 377 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 377 දෙනෙකු සුවය ලබා අද (18) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 18 November 2020
භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිපලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල අබේරත්න මහතා පැවසීය. 18 November 2020
වැලිකඩ රැඳවියෝත් වහලයට නගිති වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර ඇත 18 November 2020
අනිල් ජාසිංහ යළි සෞඛ්‍ය සේවයට කැඳවයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බලකායේ කටයුතු සඳහා කැඳවීමට රජය තීරණය කර ඇත. 18 November 2020
මහනුවර ප්‍රදේශ කිහිපයකට භූ කම්පනයක් මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ. 18 November 2020
පාසල් නැවත ආරම්භ කිරීම ගැන අද විශේෂ සාකච්ඡාවක් මීළඟ පාසල් වාරය ආරම්භ කරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් අද(18) අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2020
තවත් රැඳවියන් 26කට කොරෝනා කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (18) මේ වනවිට 532 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව කෝවිඩ්-19 වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි. 18 November 2020
බෝගම්බර සිරමැදිරිය කඩා 5 ක් පළායති - අයෙක් මරුට පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරිය කඩා, රැඳවියන් 5දෙනෙකු පලායමින් සිටියදී, එක් අයකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 18 November 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026