බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගලෝරයේ බලධාරීහු කියති. 26 July 2020
සිරකුටි අසළ වළලා තිබූ දුරකථන 35 ක් සොයාගනී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2020
බන්ධනාගාර නියාමක - කංජිපානි ඉම්රාන් සමීප සබඳතා සොයයි බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 26 July 2020
‘‘වතුකරයේ හැමෝටම නිවාස දෙනවා‘‘ වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 July 2020
‘වැඩිම මනාපයෙන් මම දිනනවා’ අගෝස්තු මාසයේ 5 වෙනිදා ජන්ද ප්‍රතිඵලය දැන්ම කියන බව පැවැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන්ද 150,000කට එහා ලබාගෙන වැඩිම මනාපයෙන් තමන් ජයග්‍රහණය කරන බව අද(26) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 26 July 2020
ශරීර අභ්‍යන්තරයේ හෙරොයින් රැගෙන ආ පුද්ගලයකු අල්ලයි කොළඹ සිට පොලොන්නරුවට කලක පටන් ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන හෙරොයින් රැගෙන එන පුද්ගලයකු අද (26) හෙරොයින් පැකට් 22ක් සමඟ පොලොන්නරුව නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 26 July 2020
යතුරුපැදි තරගයක් පැවැත් වූ 36 දෙනාට ඇප පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. 26 July 2020
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද(26) දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 July 2020
යතුරුපැදි - වාහනවල ව්‍යාජ ඇන්ජින් අංක වාත්තු කරන ගරාජයක් අල්ලයි යතුරුපැදි ඇතුළු වාහනවල, ව්‍යාජ චැසි අංක සහ ඇන්ජින් අංක වාත්තු කරන ගරාජයක් අලවතුගොඩ පොලිසිය අද (26 ) වටලා තිබේ. 26 July 2020
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක් යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 July 2020
යතුරු පැදියක දෙපස අංක වෙනස් කරලා එකම යතුරුපැදියේ දෙපස වෙනස් අංක තහඩූ දෙකක් සවිකර මර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු අද (26) දංකොටුව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 26 July 2020
තවත් තිදෙනෙක් සුවය ලබා ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනකු අද (26) දිනයේ පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 26 July 2020
රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට ඉකුත් සතියක කාලයේදී රටවල් 40කට අධික සංඛ්‍යාවකින් දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 26 July 2020
කහ ජාවාරම්කාරයන් තිදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී අයුරින් කහ රැගෙන එන ජාවාරමකට සම්බන්ධ බව කියන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 26 July 2020
කන්දකුලියේ පස්දෙනෙක් ස්වයං නිරෝධායනයට කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කන්දකුලියේ පදිංචි ඉන්දීය හොර ජාවාරමුන් හා සම්බන්ධතා ඇති බවට සැක සහිත පුද්ගලයින් 5 දෙනෙකු අද (26) දින හලාවත රෝහලේ පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකර, ස්වයං නිරෝධායනයට යොමු කළ බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි. 26 July 2020
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා කන්දකාඩුවට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 26 July 2020
වතුපිටිවල රෝහලට පැමිණි හොර දොස්තර අත්අඩංගුවට වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුල්වීමට තැත්කළ ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 26 July 2020
‘එජාපයට විරුද්ධව කටයුතු කරන අය පක්ෂයෙන් ඉවත් කරනවා’ සමගි ජන බලවේගය වෙනම පක්ෂයක්ය යන්න පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 July 2020
සැකකරු පැන ගියා යැයි කොස්තාපල්ගේ වැඩ තහනම් ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටිය දී අත් මාංචු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 26 July 2020
ලක්ෂ 50 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මන්නාරම, කරත්තෝල් වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 325 සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 26 July 2020
ලක්ෂ 2 ක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට පන්නිපිටිය කලල්ගොඩ මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ලක්ෂ 2 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු, තියුණු ආයුධ හා සන්නිවේදන උපකරණ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 26 July 2020
අණ නොතකා ධාවනය වූ වෑන් රියක අපරාධ රැකට සම්බන්ධ සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් රථයක ගමන්ගත් විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 26 July 2020
යතුරුපැදි තරගයක් පැවැත්වූ 39 ක් අත්අඩංගුවට මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙක් සහ යතුරු පැදි 27 ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 26 July 2020
අත්අඩංගුවට ගත් සුරාබදු පරීක්ෂක රඳවා ප්‍රශ්න කරන්න නියෝග අයිස් මත් කුඩු ගනුදෙනුවක් සම්බන්ධව පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණය ඉදිරිපත් කළ සැකකාර සුරාබදු පරීක්ෂකවරයා පැය 72 ක් පුත්තලම පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු මහේස්ත්‍රාත් රහිරු එන් සිල්වා මහතා නියෝග කළේය. 26 July 2020
රුවන්වැල්ලේ නීතිවිරෝධී ගිනිඅවි කම්හලක් වටලයි රුවන්වැල්ල රත්තාගල ඉබුලාන ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි කම්හලක් වටලා ගිනි අවි රැසක්, ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ, ටී 56 උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධන පුර කඳවුර කියයි. 26 July 2020
කන්දකාඩු ආසාදිතයන් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත ව නිර්මාණය වු කොව්ඩ් -19 ආසාදිතයින්ගේ සමීපතමයන් 8200දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කන්දකාඩු ආසාදිතයන් පොකුර මේවන විට සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට රජයට හැකිවු බවද ඇමතිණිය කීවාය. 26 July 2020
හෙරෝයින් ජාවාරමේ යෙදුණු 6 ක් අත්අඩංගුවට මහා පරිමාණයෙන් හෙරෝයින් ජාවාරමේ නියුතු පුද්ගලයින් 5 දෙනෙකු හා එක් කාන්තාවකද ඇතුලු 6 දෙනෙකු අද (25) නුගේගොඩ කොටිඨාශ දූෂණ මර්දන ඒකකය මගින් බෝකුන්දර හා හොරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 25 July 2020
ළමා රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුගේ කෙරුවාව හෙළිවෙයි රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළැයි කියන පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අද(25) අත්අඩංගුවට ගත්තේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ’ලංකාදීප’යට පැවැසීය. 25 July 2020
මීගමුව බන්ධනාගාර නියාමකවරයා බූස්සට රිමාන්ඩ් බාරයට පත් මීගමුව බන්ධනාගාරයේ දෙවෙනි පෙල ජේලර් ප්‍රශාද් කාලිංග කලුඅග්ගල නැමැති සැකකරුව බූස්ස සිර කඳවුරේ රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 25 July 2020
දළදා පෙරහරට සමරු මුද්දර 3 ක් ශ්‍රී ලාංකීය සංස්කෘතියේ වන්දනීය මුදුන් මල්කඩක් ලෙසින් සැලකෙන මහනුවර දළදා පෙරහර මංගල්‍යය නිමිතිකර ගනිමින් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දර 3 ක්, මුල්දින කවර 4 ක් හා සමරු පත්‍රිකා 3 ක් මහනුවර දළදා මාලිගාවේදී අද (25) නිකුත් කෙරිණ. 25 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026