(සුජිත් හේවාජුලිගේ )
රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
කොවිඩ් මරණවල වැඩි වීමක් ඉදිරියේ සිදුවුණු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඊට මුහුණ දීම සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීමට රජයට සිදුවනු ඇති බවත් ඇය සඳහන් කළාය.
රෝහල්වල දැඩිසත්කාර ඒකක පහසුකම් වැඩිදියුණු කරද්දී ඒවාට අවශ්‍ය උපකරණ ලබා ගත යුතුව තිබෙන බව කී රාජ්‍ය ඇමතිවරිය මෙයට අමතරව ඔක්සිජන් ,ස්වසන පහසු උපකරණ ඇතුළුදේවල්ද වැඩි වැඩියෙන් මිලදී ගැනීමට සිදුවන බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිකීවාය .
තම තමන් ජීවත් වන ප්‍රදේශවල රෝහල් සමග සම්බන්ධ වී පුංචි හෝ ආධාරයක් කරඒවායේ පහසුකම් දියුණු කර ගැනීමට උදව් වන්නැයි ද ඇය මෙරට දානපතියන් ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි නැවෙන්වත් කීයක්හරි හම්බවුණේ නැතිද? සුදර්ශනී අක්කේ අපිට හරිම අමාරුයි.. මේ දවස්වල සහන මලුත් නැහැ, පොල් බෑයත් නැහැ, තෙලුත් නැහැ. අනේ මන්දා. නමුත් අපි කීයක් හරි අක්කාට එවනවාමයි.
අපේ රටේ මහ පුරවැසියාගේ පරම්පරාවම ට්‍රිලියන කාරයෝ. තවත් කමිෂන් ගහනවා මිසක් රටට උදව්වක් කරන්නේ නැහැනේ.. අන්තිමට කොරෝනා රෝහල්වලට ගේන ඇඳන්වලිනුත් ගහලා වගේ..
ලැජ්ජාව කියල දෙයක් නැත්ද ? කොරෝනා අරමුදල කියලා එකක් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා හැදුවා නේද? ඒ සල්ලි වලට මොකද වුනේ..?
හොඳ යෝජනාවක්...
බොහොම හොඳ වැඩක්... නමුත් මහජනතාව වෙනුවෙන ඔබතුමියලාගේ, තුමන්ලාගේ 225 මුලින්ම තමන්ගේ ප්‍රෙද්ශය වෙනුවෙන් යමක් කරන්න කියන්න. ඉන්පසුව රටේ ජනතාවගෙන් උදව් බලාපොරොත්තු වන්න.
දේශපාලඥයෝ කීදෙනෙක් උදව් කරයිද කියලා.. බලමු ඔවුන්ටනේ සල්ලි තියෙන්නේ...
අයිතිකාරයෝ නැති නිවාස හිමි මහා දානපතියෙක් හිටියා නේද? අන්න එයාගාව.. නම් ඕනෑතරම් සල්ලි ඇති ඕකට. තව මහ බැංකුවේ වැඩකළ හාදයෙකුත් මතක් වෙනවා. අන්න එයාලා ළඟ ඕනෑතරම් සල්ලි ඇති. මේ දුප්පත් එදාවේල හිඟාකන අපට කොයින්ද දෙන්න තරම් සල්ලි.
ආණ්ඩුවේ අනික් කට්ටිය කයිවාරු ගැහුවට ඕක තමයි රටේ නියම තත්වය. මහජන මුදල් කොල්ල කෑමට දායක වුණු සියලු දෙනාටම සාප වේවා...
මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලගන්න සල්ලි... ඒ ගොල්ලෝ ගාව තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරා ගත්තු සල්ලි තියෙන්නේ.
රෝහල් පහසුකම් වැඩිදියුණු කරන්න කියලා ලෝක බැංකුවෙන් ගත්ත මිලියන 125ට මොකද වුණේ..? අර ඇමෙරිකාවට ගිය කෙනාගෙන් යන්න කළීන් සල්ලි ඉල්ලගන්න බැරි වුණාද?
දේශපාලන ධනකුවේරයන්ට මේ සඳහා දායකවීමට අපි ආරාධනය කරමු. 10% කොමිස් ලැබීමේ පාපයෙන් නිදහස් වීමට ඇමතිතුමියගේ යෝජනාව ඉතා මැනවි. පළමුව පාලකයන් ආදර්ශමත් වීම මේ මොහොතේවත් සිදුවිය යුතුව ඇත. රට රැකුණොත් තම ව්‍යාපාර රැකෙන බව ධනපති ව්‍යපාරිකයන් සිතිය යුතුව ඇත. මේ නිසා රට බේරා ගැනීමේ විරුවන් වීමට ඔවුන්ට දායක විය හැකියි. මිල මුදල් වලින් නැතත් වගකීමෙන් හැසිරීම අසරණව සිටින ජනතාවට කළහැකි දානමය පරිත්‍යාගයකි.
මොකද යුතුකම. අරමුදලට මොකද වුනේ?
ඔක්කෝම දානපතියෝ ඉන්නේ ආණ්ඩුව පැත්තේ.