(තිළිණි ද සිල්වා )
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.
විශේෂයෙන්ම පවතින වාතාවරණය තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් හා අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒරට රැදී සිටින ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.
යම හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත.
කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපත් වන බව සදහන් වේ.
මේ වන විට ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් ඊශ්‍රාලයේ සේවය කළ බවද ශ්‍රී ලංකා කානාපති කාර්යාලය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර උපදෙස් ටිකක් දීලා තියෙන්නේ. ඒ ටික කියනකම් ඒ ඉන්න අයට එහෙම හිතිලා නැතුව ඇති.... මෙහෙමත් නිලධාරින්... ඔය වගේ වෙලාවට එයාලගේ ආරක්ෂාවට යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. අවධානයෙන් ඉන්න එයාලා කියන්න ඕනෑ නැහැ.
හැකි සෑම අවස්ථාවකම ඊශ්‍රායල් හමුදාවට උදව් කරන්න මුස්ලිම් ත්‍රස්තයින් ලෝකෙන් ඉවත් කරන්න...
"..යම් හෙයකින් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙසද තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දී ඇත...." මේගොල්ලෝ කතාකරන්නේ " මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් " ටක් ගාලා " ලංකාවට ගෙන්නගන්නවා " කියනවා වගේ. අර මැද පෙරදිග අවුරුද්දක් විතරම ලංකාවේ මිනිස්සු දුක් විඳිනවා ලංකාවට ඒමට බැරුව.. එහෙම තියෙද්දී මේ ගොල්ලන්ගේ කතාව කොහොමද..? ඔය බොරුවලට නම් රැවටෙන්න එපා. ලොකු ප්‍රශ්නයක් වුනොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුද මුක්ත ප්‍රදේශයකට යන්න.