(පී.ශාන්ත බණ්ඩාර)
මාවනැල්ල නගරයේ සුරාසැලක සේවය කරන ලද සේවකයින් තිදෙනෙකුට කොවිඩ් රෝගය ආසාදිත වී ඇති බැවින් කොරෝනා පොකුරක් ඇති වීමට පෙර පසුගිය 6 වැනිදා සිට 12 වැනිදාතෙක් එහි පැමිණි පිරිස් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ඵසේ නොමැති නම් ස්වයං නිරෝධායනය විය යුතු බවත් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
කොරෝනා අසාදිත තිදෙනා හමුවීමත් සමඟ මෙම සුරාසැල 13 වනදා සිට මුද්‍ර තබා වසා දමා ඇතැයි පොලීසිය කියයි.
පසුගිය 2,6,8 යන දින තුළ 261 දෙනෙකු පී.සී.ආර් සදහා යොමු කර ඇති අතර ඉන් 67 දෙනෙකු ආසාදිත යන් බවට සොයා ගෙන ඇතැයි ද, ඵම ආසාදිත යන් ගේ පවුල් වල 819 දෙනෙකු නිරෝධායනය කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ කියන්ඩ දෙයක් නැහැ .බීපු අයට මෙලෝ සිහියක් නැතුව ඇති .කී දෙනෙකුට මේ වෙනකොට වයිරසය ආසාදනය වෙලා ඇත්ද ?
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සූරා කන අය