(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021)මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා ඇතැයි එහි වාර්තාවක සඳහන් වෙයි .

මණ්ඩලය මෙසේ පාඩු ලබා ඇත්තේ එහි ආදායමට වඩා විකිණුම් මිල ඉහළ යෑම නිසාය .

විදුලිබල මණ්ඩලය මේ වසරේ මුල් මාස තුනේ දී ලැබූ ආදායම රුපියල් කෝටි 5900 කි.නමුත් විකුණුම් වියදම රුපියල් කෝටි 6600 ඉක්මවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය .

කෙසේ වෙතත් මීට කලින් වසරේ දී (2020)මණ්ඩලය ලැබූ පාඩුවට සාපේක්ෂව මේ වසරේ පාඩුව සියයට49.01කින් අඩු කරගෙන ඇත .