(යොහාන් භාසුර)
’කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ රියදුරුගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියාවක් ලබාදෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දෙදරු පියකු වන එම රියදුරුගේ යැපෙන්නන් සඳහා සියලු දීමනා ලබාදෙන බවත් ඔහුගේ පවුලේ සුබසාධනය සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියයි.
මරණයට පත්වූ 40 හැවිරිදි රියදුරු ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 20 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවට තමයි සුබ සාධනය තියෙන්නේ. ඊපීඑෆ්, ඊටීඑෆ් තියෙන්නේ, රක්ෂණ ක්‍රම තියෙන්නේ මේක රජයේ ප්‍රතිපත්තිය නම් මැරෙන හැමෝගේම පවුල්වලට රස්සාවල් දෙන්න ඕනේ. අනෙක රජයේ රැකියාවලට බඳවාගන්න, බඳවාගැනීමේ ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙ කොහෙවත් නැහැ... සැමියා මැරුණාම බිරිඳට රස්සාව දෙන ක්‍රමයක්.. නමුත් දේශපාලනයේ නම් එහෙමයි.. සැමියා මැරුණාම බිරිඳ හෝ දරුවන් එනවා.
ජනතා දුක හඳුනන නායකයා...