(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 889 දෙනෙක් අද දිනයේ දී වාර්තාවූහ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,36,685 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,306 දෙනෙක් සුවය ලබා අද (14) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,010"108 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයට බස්සන්න අපේ දේශපාලකයින්ට පුළුවන්... බන්දුල මහත්තයා විශේෂයි. රැපිඩ් ඇන්ටිජන් සාර්ථකව තහනම් කිරීමෙන්...
වෙන්න පුලුවන්... 8 වෙනිදා ගම්පහ MOH එකෙන් කරපු PCR වාර්තා තවම ඇවිල්ලා නෑලු.. ඉතින් රෝගීන් කෙසේ වෙතත් PCR වාර්තාවල නම් අඩුවක් ඇති.
අද වාර්තා කලා අද අසාදිත සංඛ්‍යව 2,269ක් ලෙස...
හදිස්සි වෙන්න එපා මේවගේ පුවත් පලකරන්න.එක දවසක් ගැන හිතලා.අනික අපිට අහන්න ලැබුනේ 2000 කට වැඩි ගනනක් ඊයේ වාර්තා වුණු බව
නැවතත් රට නොමග යැවීමේ හොද උත්සහයක්! මේවට නොරැවටී පුරැදු විදියටම දිගටම ආරක්ෂා වෙන්න.
ජයවේවා, පොහොට්ටු පොකුර ජයග්‍රාහී ලෙස ඉහළ යමින් ඇති බව අද දින මරණ 31 ක් වාර්ථා වීමෙන් පෙනී යනවා. ඉතා පැහැදිලි ලෙස, මාර්තු මාසයේ සිට කෝවිඩ් බවට ඉතා සැක සහිත රොගීන්ට පවා පීසීආර් සිදු නොකරමින් දෛනික පරික්‍ෂණ ප්‍රමාණය 15,000 සිට 3,000 වැනි ප්‍රමාණයක් දක්වා (එනම් 20 -25 % දක්වා) අඩුකර, රෝගය පැතිරීම අවම වී ඇති බවට පෙන්වීමට වග කිවයුතු බලධාරීන් ක්‍රියා කරන ලදි. තව ද අනාරක්‍ෂිත ලෙස විදේශිකයින් පිරිසක් රට පුරා ගෙන යාමේ ජාවාරමක් ද ක්‍රියාත්මක විය. මේ අනුව සහරාන් පරාජය කරමින්, රටට වැරදි චිත්‍රයක් මැවීමේ ප්‍රථිපලය දරුණු වී ඇත. මෙම ප්‍රවෘත්තියේ වැනි මාතෘකා දැමීම මඟින් ද රෝගී අඩු බවට ගැඟීමක් ජනතාවට ඇතිවන බැවින්, මේ වෙලාවේ එය එතරම් සුදුසු නොවේ. දැන්වත් සියල්ලන් එක් වී සෑම තීරණයක දීම කීපවරක් සිතා දුර දිග බල කටයුතු කරමින් වසංගතයෙන් රට බේරා ගැනීමට උත්සාහ කරමු.
ඇත්ත...තවත් සති 3ක් යනකොට මේක වේගයෙන් අඩු වේවි. අළුත් අවුරුදු සැමරුම මේකට හේතුව කියල කවුරුත් දන්නවා. දැන් මිනිස්සු ආරක්ෂිතව වැඩි ප්‍රතිශතයක් ඉන්න නිසා අඩු වේවි. අඩු වුනාට පස්සේ දැන් නැහැ කියලා සුපුරුදු නැටුම් ආයෙ පටන් ගනීවි. ඔක්තෝබර් වෙනකොට ආයෙමත් දෙතුන්ගුණයකින් වැඩි වේවි. මම කියන්නේ බොරුද කියල බලන්න. ඉදිරියේ දී.
දැන් ජනතාව දන්නවා මෙහෙම නිවුස් හැදෙන්නේ කොහොමද කියලා. දැන් ජනතාව රවට්ටන්න ටිකක් අමාරුයි ආණ්ඩුවට.
බොරුවෙන් රට වැනසේවි!!!
ඒක තමයි ඊයේ මැරුණු ගණන 31ක් වෙලා තියෙන්නේ. ගණන් දන්නේ නැති අයට අමු කැවිලා.